gossiplanka image 1
 


ආදර හැඟුම් ආදර හැඟුම්

නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම්

කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම්

ආදර හැඟුම්


සැඳෑ අඳුරේ සැළෙන තරු එළි

මගේ හද තුළ කරයි විමසිලි

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි

මගේ හද තුළ කරයි විමසිලි

නැගෙන ගනඳුර වඩයි සිතුවිලි

මඟුල් රෑ බිඳෙයි ඉවසිලි


ආදර හැඟුම් ආදර හැඟුම්

ආදර හැඟුම්


කිමද ඔබ මල් කුමරියන්නේ

පෙති විදා සතුටින් නොඉන්නේ

රහස නැතිව ද මං නොදන්නේ

තුරුළෙ බමරුන් නොවේද ඉන්නේ



ආදර හැඟුම් ආදර හැඟුම්

ආදර හැඟුම්


ගී පදදයානන්ද ගුණවර්ධන

ගායනය- පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව

සංගීතය -සෝමදාස ඇල්විටිගල


දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු නාට්‍යයේ (1963) සහ බක්මහ දීගේ චිත්‍රපටියේ (1967) තිබූ ගී