මලකින් මලකට ගොස් පැණි බොන්න ද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
මා හිමි බඹරුනි ඔබ සැරසෙ.......
කළුවර මහ රෑ කෙලෙස ද හිමියනි
මල්වල හැඩරුව හදුනා ගන්නේ
මල්වල හැඩරුව හඳුනා ගන්නේ.......
අලුත් මලක් යැයි අමතක වී
ඔබ පැණි බිව් මලට ම වැරදී එන්නේ...
ඒ ආ විට මම පෙති හකුළා ගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ...
පද රචනය - දයානන්ද ගුණවර්ධන.
සංගීතය-සෝමදාස ඇල්විටිගල.
ගායනය - ආචාර්ය නන්දා මාලනී
දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු නාට්‍යයේ (1963) සහ බක්මහ දීගය චිත්‍රපටියේ (1969) තිබූ ගීතයකි.
Comments
Post a Comment