ඔබෙන් තොර ලෝකයක් කොයින් දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින් දෝ
දකින හැම රූපය ම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයක ම ඔබේ කටහඩ ඇසේ
ඔබේ කටහඬ ඇසේ
ඔබෙන් තොර......
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ
ඔබෙන් තොර
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
Comments
Post a Comment