අතිශය දුෂ්කර පෙදෙසක සේවයේ නියැළෙන අප කතා නායිකාව තරුණ වියේ ගුරු මෙනෙවියෙකි. එම පාසලට නවකයෙකි. ඇය හයවන ශ්‍රේණියේ බුද්ධාගම පිළිතුරු පත්‍ර පරික්ෂා කරමින් සිටියාය. එකී ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් මෙසේ විය. “බණ ඇසීමෙන් පසු ඔබට ලැබෙන්නේ මොනවා ද” එයට සිසුවා පිළිතුර ලියා තිබුනේ “බත් හා අයිස්ක්‍රීම්” යනුවෙනි.
මේ පිළිබඳව සොයා බැලූ ගුරුවරියට දැනගන්නට ලැබී ඇත්තේ එම පාසලෙහි පොසොන් සමයේ ධර්ම දේශනයක් පවත්වා අනතුරුව පාසල් දරුවන්ට කෑම වේලක් සහ අයිස්ක්‍රීම් ලබා දීමට ගුරුවරුන් පියවර ගෙන ඇති බවය. ඒ අනුව සිසුවාගේ පිළිතුරුට ලකුණු දෙන්නේ කෙසේ දැයි ඇයට ද ප්‍රශ්නයක් වී තිබේ.
Comments
Post a Comment