මේ සඳහා ඔහුගේම කොට්ඨාසයේ සිටින පාලක පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද ඉදිරියන්ම සිටියේය. ඒ හේතු දෙකක් නිසාය.
ඒකක් සිය පක්ෂයට කරදරකාරයකු වීම පළමු වැන්නය. මොහු නිසා සිය කොට්ඨාසයේ තනි අතේ ගේමක් ගසා මුදුනකු වීමට ඇති හැකියාව නොමැති වීම දෙවැන්නය. මෙ හැඩකාර කටකාර කරදරකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අකාලයේ සැමියා මියගිය රූමත් අසල්වැසි කාන්තාවකගේ නිවසට රහසේ යන එක බවට රහසේම ආරංචියක් පැතිරුණි. මෙය කන වැකුණු ඔහුගේ කොට්ඨාසයේ සිටින පාලක පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඊට හොරගල් ඇහුලුවේ මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමටත් වඩා සභා රැස්වීමට කරදරකාරයකු වීම වැළැක් වීමටත් සිය ගමේ ඔහුට දැගලීමට ඉඩක් නොතිබීමේ යතුර තමන් සතුකර ගැනීමේ ඒකායන අටියෙන්ය.
ඒ දිනය උදාවුවේය. නිමිහිමි නැති පාලක පක්ෂයේ මන්ත්‍රීවරයා ඔහු මේ නිවසට රිංගු විට සිය හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ද දන්වා ඔවුන ද කැඳවා ගත්තේය. එසේ පැමිණි පිරිස අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දුන්නේය. මන්ත්‍රීතුමා අපි ඔයාලාගේ ගමට ආවා. එවිට දැනග ත්ත ලැබුණා අසල්වාසි හිවසකට ගියා කියලා හා ඔවි ඔවි මේ ගමෙි හිතවත් නිවසකට රිංගු නමයක් එළවන්න ආවා. ඔහු ඔවි මන්ත්‍රීතුමා අපි ඉන්නේ ඒ ගෙදර ඉස්සරහා තමයි අපිටත් පුළුවත් උදවි කරත්ත යයි ඔවුහු කීහ. ටික වෙලාවකින් ඔහු එම නිවසේ දොර ඇරගත ආවේ කෝටුවක් ද අතැතිවය. යාන්තම් ඇති ගෙට රිංගු නයා එළවා ගත්තා යැයි ඔහු කී විට නයා කටවත්ත තියා ගත්තා නම් ඉවරයිතේ මන්ත්‍රීතුමා යයි ඔවුහු කීහ.
මේ සිදු වීමත් සමගම වෙනදා මේ හැඩකාර කටකාර කරදරකාරයා ප්‍රාදේශීය සභා රැස්වීමේදී කරදරකාරයකු නොවුවේය. යම් හෙයකින් අමතක වීමෙන් හරි සභාවේ නැගී සිටි විටදී මන්ත්‍රීතුමා අරභයා අර භයා යයි කියු විට ඔහු හිමිත් සීරුෂවි පාලක පක්ෂය අමාරුවේ නොදමා හීන් සීරුවේ සිය කතාව වෙනතකට හරවා හිමිහිට අසුන් ගත්තේය.
Comments
Post a Comment