gossiplanka image 1
 


ජංගම දුරකථනය ඔස්සේ පෙම්වතියක සමග පෙමින් වෙළී සිටි රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරු පෙමට ඇයගේ ආරාධනාවකට අනුව දික්වැල්ල ප්‍රදේශයේ සිටි නවින පන්නයේ යතුරු පැදියකින් පසුගියදා ගොඩකවෙල නගරයට පැමිණියේය. එසේ පැමිණීමෙන් අනතුරුව එම තරුණයාගේ යතුරුපැදිය කිසියම් පුද්ගලයකු විසින් වංචනිකව රැගෙන පළා ගිය බවට එම තරුයා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ගොඩකවෙළ පොළිසිය කියයි. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි එම තරුණයාගේ ජංගම දුරකතනයට මීට මාස  තුනකට පමණ පෙර කාන්තාවක ඇමැතුමක් ළබාදී තිබේ. තරුණයා එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය හා මිත්‍ර වී ඇති බවට පැමිණිලිකරුගෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.


තරුණයගෙන් දිගින් දිගටම ලැබුණු ළයාන්විත දුරකතන ඇමැතුම් වලින් කියා ඇත්තේ ඇය ඉගෙනුම් කටයුතු වල නියැළෙන දහඅට හැවිරිදි තරුණික බවකි. ඉන්පසුව තරුණයා ඇය සමග දුරකතනය ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. පසුව තරුණයා කීප අවස්ථාවකදීම ඇය මුණගැසීම සඳහා දිනයක් හා ස්ථානයක් ළබාදෙන ලෙස පෙම්වතියගෙන් ඉල්ලා ඇති බව තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී යැයි පොළිසිය පවසයි. එයට ප්‍රතිචාර දක්වමින් දුරකතන පෙම්වතිය තරුණයාට පවසා ඇත්තේ තමා උපකාරක පංතියකට සහභාගි වීම සඳහා ගොඩකවෙල නගරයට පැමිණෙන බවකි.


එදිනට හමුවීමට හැකි නම් ගොඩකවෙල නගරයට එන ලෙසද එම තරුණයාට තරුණිය පවසා ඇයිද ඒ අනුව තරුණයා ගොඩකවෙල නගරයට පැමිණ ඇති බව පොළිසිය කියයි.  තරුණයා තම දිවැල්ල නිවසින් පිටත් වන විටත් ඇඹිලිපිටිය නගරය පසුවෙන තුරුත් කීප අවස්ථාවකදීම ඒ බව තම පෙම්වතියට දැනුම්දීමට තරුණයා කාරුණිකවී ඇතැයිද පොලිසිය පවසයි.  ගොඩකවෙල නගරයට පැමිණි තවත් කිලෝමීටර් පහළොවක පමණ දුරක් ඇති බවත් එතෙක් එම ස්ථානයේම රැඳී සිටින ලෙස තරුණයා විසින් තරුණයට දැනුම් දී ඇති බවට කරුණු හෙළි කරමින් තරුණයා පැවැසු බව පොළිසිය කියයි.


තරුණිය ගොඩකවෙළ නගරයට ආසන්න වෙත්ම තරුණිය පවසා ඇත්තේ තමන් උපකාරක පන්තියට යන වෙළාව පසුවී ඇති නිසා පන්තියට සහභාගි වන බවකි. එම නිසා කෙටි පණිවිඩ මගින් තොරතුරු හුවමාරු කරගනිමුයි ඇය තරුණයාට යෝජනා කර ඇති බවත් ඒ අනුව පැය  දෙකක පමණ වේලාවක් කෙටි පණිවිඩ මගින් දෙදෙනා වචන හුවමාරු කරගෙන ඇති බවට හෙළි වූ බව පොළිසිය පවසයි. මම මාමා ගොඩවලට එවන්නම්. පන්තිය ඇරෙන වෙලාවට මාමත් එක්ක ඔයා ළඟට එන්නම්. ඔයාගේ දුරකථන අංකයත් මම මාමාට දුන්නා යැයි ඇය කෙටි පණිවිඩයක් මගින් තරුණයාට දන්වා  ඇතැයි පොලිසිය කියයි.


පසුව මාමා යැයි කී පුද්ගළයාගෙන් තරුණයාට දුරකතන ඇමැතුමක් ලැබී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා ගොඩකවෙල නගරයේ තරුණයාට මුණගැසී ඇති බව පොලිසිය කීය. පුතා ගැන දුව කියළා තිබෙනවා. තව ටිකකින් දුවට පංතිය ඇරෙනවා. මම දුව එක්කන් එන්නම් හැබැයි පොඩ්ඩක් පරක්කු වෙයි ටික දුරක් පයින් යන්න තිබෙන නිසා යැයි හමු වූ මාමා තරුණයාට පවසා ඇති බවත් එයට ප්‍රතිචාර දක්වමින් තරුණයා තම යතුරුපැදිය එම පුද්ගළයාට ලබාදී ඇති බවත් පොළිසිය පවසයි. යතුරුපැදිය පණ ගන්වාගත් එම පුද්ගළයා තරුණායාට ආචාර කර එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් තරුණයා එම අවස්ථාවේ අසළ වෙළදසළකට ගොඩ වී තම පෙම්වතියට  අවශ්‍ය කරන තැගි භෝග රැගෙන පැයක පමණ වෙලාවක් එම ස්ථානයේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.



පසුව තරුණයා විසින් යතුරුපැදිය රැගෙන ගිය අයට දුරකතනය ඔස්සේ ප්‍රමාදයට හේතු විමසා ඇත. දුව යම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයිද දුව සොයාගෙන පැමිණෙන තුරු එම ස්ථානයේ රැඳී සිටින ලෙස එම පුද්ගලයා පැවැසීමෙන් අනතුරුව තරුණයා පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය කීවේය. ගොඩකවෙළ පොළිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර පළේ වෙළ මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක නාමි සිටි රත්න මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි පරික්‍ෂණ සිදුකරති.