gossiplanka image 1
 ඔහු ව්‍යාපාරිකයෙකි. කලුත් එක්තරා සුළු පක්ෂයක ආසන සංවිධායකවරයකු ලෙස ද ඔහු කටයුතු කළ හිසා එම පළාතේ බොහෝ දෙනෙකු ඔහු දැන සිටියේය. ඔහු කිසිදු ලෝභකමක් තැතිව අත දිගහැර වියදම් කළ පුද්ගලයෙකි. එමෙන්ම මිතුරන්ගේ ඕනම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරන් පිරිසක් ද සිටියහ. ඔවුහු විවිධ ක්‍ෂේත්‍රවල අයවූහ. පසුගිය දිනවල රටේ ඇති වූ කලබලකාරී තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතු වලටද යම් බලපෑමක් ඇතිවිය. එහෙත් සිටිත්පරිදි මිතුරන් සමග සෙට් ' වීමට අමතක නොකළේය.


පාස්කු ඉරිදා ප්‍රහාරයන් පසුව පළමු වරට මිතුරන් හමුවූයේ විදිහය. ඔහු මිතුරන්ද කැටුව වත්තලට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනයි. එහි සිටි භීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කළේය. "මම හොඳ සිංහල බෞද්ධයෙක්. හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියනවා.'' යයි මිතුරා කීවේය. දැන් දැන් ඔහුගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ ''සර් වහන්නයි හඳන්නේ '' කීවේය.


'' එහෙනම් ගේනාව අපේ බිල" ඔහු කීවේය. වේටර් බිල  ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බල ගෙව්වේය. වේටර්ද බිල ගෙවා තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර් සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන  විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එමහත් වේටර් ඒ බව කිසිවකුටත් නොහැගවෙන ලෙස "තෑන්ක් යූ සර්" කියමින් ඉවත්ව ගියේය. ඒ සමගම පිරිස ද විසිර ගියහ. පසුදින උදෑසහ ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම් සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබූ රැපියල් පත් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය.වේටර්ට සන්තෝසමට දුන්නේ පන්දහසේ නෝට්ටුව බව පසුව  මතක් විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව  නිසාය