රජයේ ආයතනයකින් පහසුවෙන් තම කාර්යය ඉටුකර ගත හැකි අපූරු උපදේශයක් පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. එය අගනුවර ප්‍රදේශයේ කාර්යබහුල මෙන්ම ජනතාව අතර නිතිපතා කතාබහට ලක්වන ප්‍රධානතම පෙළේ රාජ්‍ය ආයතනයකි. පසුගිය දිනෙක බිතැත්ත ප්‍රදේශයේ පාසල් ගුරුවරයකු උසකින්ම එම ආයතනයට ගොඩ වූයේ තම රාජකාරි කටයුතු කඩිනමින් ඉටු කරගත තම ගම් ප්‍රදේශය වෙත යාමට ඇති එකම රථයට යළි ගොඩවීමේ අපේක්ෂාපවති. පිළිගැනීමේ කවුළුවෙන් ලබාදුන් උපදෙස් වලට අනුව අදාළ ලේඛනයේ පිටපතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරමය පිරවූ භෞතෙම පිළිගැනීමේ නිළධාරියාගේ උපදෙස් මත එය නියමිත සේවා කවුළුව වෙත භාරදුන්නේ ඒ වන විටත් පෝළිම් ගැසී සිටි මුල් තුන් හතර දෙනා අතරට එක් වෙමිනි.
එහි සිටි නිලධාරිනිය අදාළ ඉල්ලුම්පත පරිගණකයෙන් පරීක්ෂා කර එහි කිසියම් සටහනක් තබා ඇයට වම් පසින් වූ කවුළුවේ සිටීන ඊළඟ නිලධාරියාට දෙන ලෙස යළි ආපසු භාර දුන්නේේේ මද සිතභවකින්ද සංග්‍රහ කරමිණි. ඊළග සේවා කවුළුව වෙත ගිය ඔහු ඉල්ලුම්පත එම කවුළුවේ සිටි නිලධාරියා අත තැබුවේ තම අවශ්‍යතාව ගැනද සිහිපත් කරමිනි. තම සේවාදායකයා හෝ එම ඉල්ලුම්පත දෙසත් නොබැලු එහි සිටී හිලධාරියා මේකේ අඩුපාඩු හදා ගෙන එන්නැයි ' ගෝරනාඩුවක් කළේ පෝලිමේ සිටි සෙසු පිරිස් ද තිගැස්මකට ලක් කරති. පාසල් ගුරුවරයකු වූ හෙතෙම නිවැරදි ලෙස ඉල්ලුම්පත සම්පූර්ණ කර තිබුණද තිලධාරියාගේ ගෝරනාඩුව නිසාම මහත් තිගැස්මකට ලක් ව යළි පිළිගැනීම් නිලධාරියා වෙත ගියේ එහි කිසියම් දෝෂයක් වේ දැයි ඔහුගෙන් දැන ගැනීමේ අදිටහිනි.
ඉල්ලුම්පත පිළිගැනීමේ නිලධාරියා අත තැබූ ඔහු සිද්ධිය විස්තර කළ විට ඔහුගෙන් ලැබුණේ අපූරු උපදෙසකි. මහත්තයෝ මට නම් වැරැද්දක් පේන්න නැහැ. හැබැයි සමහරු එක එක වෙලාවට එක එක විදියයි. ඔයා දැන් ආපහු සැරයක් ගිහිල්ලා අලුත් කෙනක් විදිහට ඔය පෝරමය ඒ කෑගහපු මහත්තයට දත්හ. කලින් ආව වගක් කියන්න එපා. ඒ මහත්තයට දෙතුන් වතාවක් සර් කියන්නත් අමතක කරත්ත එපා".
අදාළ ලේඛන අතට ගත් ඔහු යළිත් පෙර කී නිළධාරියා වෙත ගොස් ලේඛන ඔහුට දී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සර්” යනුවෙන් කිහිපවිටත් අමතමින් කියාදුන් ලීලාවක් පෙන්වූවේ පිළිගැනීමේ නිලධාරියා දුන් උපදෙස් අකුරටම අනුගමනය කරමිනි. මද සිනාවක් පාමින් සිය සේවාදායකයා දෙස බැලූ කලින් ගෝරනාඩු කළ නිලධාරියා අසුරු සැනින් සිය කාර්ය ඉටුකර දුන්නේ ගුරු භවතාද පුදුමයට පත්කරමිනි.
Comments
Post a Comment