gossiplanka image 1
 

අම්මාගේ යැයි පවසා විශ්‍රාමික ගුරු මාතාවකගේ විශ්‍රාමික වැටුප ගැනීමට තැත් කළ පුද්ගලයකුගෙන් තැපැල් ස්ථානාධිපතිනිය ජාතික හැඳුනුම්පත ඉල්ලු විට කලබලවී පලායාමේ සිද්ධියක් කනම්පැල්ලට නුදුරු කැළණි ගගෙන් එගොඩ ප්‍රදේශයකින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.


ගුරු මාතාව කරුණාවන්තය. ඇය සෑම පසළොස්වක පෝය දිනයකම ගම් පන්සලේ මෙන්ම ප්‍රසිද්ධ පූප්තිය ස්ථාභවල ද සිල් සමාදන් වූවාය. දඹදිවද කීප අවස්ථාවකම් ගොස් වන්දනා මාන කර ඇත. දුවා දරුවන්ද විවාහ වී දරු මුණුබුරෝද වෙති. එනිසා ඇය වයෝවෘධ ආච්චි අම්මා කෙහෙකි. සිය ජීවිතය ආගමානුකූලව බණ  භාවභාවට කැප කළාය. එනිසා ගමේ ළමෝ ළපටි ඇය හැඳින්වූයේ ටීචර් ආච්චි කියාය. ඇයට ගෙදර උදව් උපකාරයට කිසිවකු නැත. ඇත්තේ අසල්වාසීන් පමණකි. අසල්වාසීහු ඇයට ඇන්ටි මෙත්ත හොදි ටිකක්, මෙත්ත බිත් මුලක් පවසමින් කෑම බිම ගෙනැවිත් දෙති. 


'' අනේ දරුවෝ මට අද පැන්ෂන් පඩිය ගත්ත තියෙනවා...'' කියා කවුරැත් හෝ සමග ත්‍රිරෝද රථයකින් තැපැල් කන්තෝරුවට යාම ඇගේ සිරිතය.  ඒ අතර තවත් හොදන්නා අයද ගමේ වූහ. මේ එවැනි අවස්ථාවකි. එදා පැළත් පඩිය ගැනීමට එකතු කරගෙන ගියේ එවැනි අයෙකි. ඇය තැපැල් කාර්යාලයට යන විටත් ඉතින් කතින් ඇඟිල්ලක් ගැසීමට නොහැකි තරමට සෙනගය. ඒ පැත්පත් ගැනීමට පැමිණි අයගනි. උදව්වට ගිය පුද්ගලයා '' නෝනා මට නෝනාගේ අයිඩිය දෙන්න. මම පඩි අරන් දෙන්නම් පැවසීය. ඇය එය ඔහුට දුන්නාය.


උපකාරයට ගිය පුද්ගලයා තැපැල් ස්ථානාධිපතිතිය අමතා.


" නෝනා අපේ අම්මා අසනීපයෙන් ඉන්නේ. එයා එක්කර ගෙන ආවේ අමාරුවෙන්. මට කරුණාකරලා එයාගේ පැත් එක ගන්න බැරිදි ඉක්මනට '' යි විමසුවාය. තැපැල් ස්ථානාධිපතිතිය ඒහෙනම් ඔයාගේ හැඳුනුම්පත දෙන්න.”


එසේ කියනවාත් සමඟ එම ස්ථානයේ සෙනග අතරිත් පිටුපසට ගිය උදව්කරු පසු නොබලා දුවන්නට පටත් ගත්තේය. මෙය බලා සිටි තැපැල් හලේ පිරිස..''ටිචර් අන්න පුතා  කඩාගෙන පස්ස බලන්නේ නැතුව දුවනවා. "


ගුරු මාතාව '' අනේ දරුවනේ කලියුග කාලේ හැටී. මගේ පැන්සන් අරගෙන පනින්න තමයි හදලා තියෙන්නේ.''


මේ දෙස බලා සිටි තැපැල් කාර්යාලයේ සිටි පිරිස පවසා ඇත්තේ අපි වයසක අයට දුවන්න බැ. දුවන්න පුළුවන්නම් ඌ අල්ලලා පොලිසියට භාර දෙනවා. මේ කරන්න හඳපු දෙයට යැයි කීහ.