gossiplanka image 1
 

ප්‍රේම සම්බන්ධයක් මත ගමේ තරුණයකු සමග පලා ආ කොළඹ ප්‍රදේශයේ තරුණියක ගමේ වචනයකට බිය විමෙන් සිදු වූ අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.


තරුණිය කොළඹ ප්‍රදේශයේ හැදී වැඩුනු පොහොසත් පවුලක තැනැත්තියකි. තරුණයා ගම ගොවි පවුලක තැනැත්තෙකි. අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ ප්‍රදේශයට ගිය තරුණායට මුණගැසුන මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත ඇත. තරුණයා නිතරම තම පෙම්වතියට ගමේ කුඹුරුයාය. ගහ කොළ, ඇළ දොළ, සතා  සිවුපාවා ගැන සුන්දර කතා කියමින් ඔවුන්ගේ ප්‍රේමයට වසරක් ගෙවි ගිෂය. තරුණියගේ මවුපියන් තරුණායාට අකැමැත්ත පළකළ හිසා තරුණිය මවුපියන්ට රහසින් තරුණයාගේ නිවසට පලා එත් සිය ප්‍රේමය මල්ඵල ගන්වා ගනිමිනි. තම පුතා කොළඹ ප්‍රදේශයන් රැගෙන ආ ලේලිය පිළිබඳව මවු- පියන්ගේ වැඩි කැමැත්තක්ද නොවුයෙන්, තරුණිය කාමරයට වී සිටියාය.


එදින රාත්‍රියේද පසුදින උදයේද නිවැසියන් භූතයකු පිළිබඳව කතා කරන අයුරු තරුණියට ඇසිති. තරුණයා දුරකතනයෙන්ද " භූතයා '' යන වචනය කීප වරක්ම කියන අයුරු තරුණිය අසා සිටියාය. කුස්සිය දෙසට ගිය තරුණයා "භූතයා " දැන් එනවා කියා මවුපියන්ට කියනවාත් සමග කලබලයට පත්  තරුණිය තරුණයාගේ සහ මවුපියන්ගේ ඇස වසා නිවසින් පැන යන්නේ ඇදිවත පිටිනි. සුලු වේලාවකින් තරුණිය නොමැති බව දැනගත් තරුණයා මහත් කලබලයට පත්ව ඇය සොයන්නට විය. අසල් වැසියකුගේ තොරතුරු අනුව තරුණීය ගිය දෙසට තරුණයා තම යතුරු පැදියෙන් යමිත් සිටියදී අතර මගදී ඇය හමුවී ඇත.


ඇය පැන යන්නට හේතුව විමසද්දි "භූතයෝ එන තැනක මට ඉන්න බෑ. මම බයයි මම ආපසු ගෙදර යනවා යැයි තරුණිය කියා ඇත. තරුණයාට සිනාව පාලකය කර ගැනීමටද නොහැකි විය. භූතයා කියන් අපේ මේ කුඹුරුවල ගොයම් කපන මැෂිමට අද අපේ කුඹුරේ ගොයම් කපනවා. භූතයා මැෂිමෙන් තමා ගොයම් කපන්නේ යැයි තරුණයා තරුණියට සියල්ල පහදා දී ආපසු සිය නිවෙසට කැඳවාගන ආවෙලු.