gossiplanka image 1
 


තම සැමියා හා දියණියන් දෙදෙනා අතහැර අනියම් සැමියා සමග ගිය 24 හැවිරිදි මවක පිළිබඳව කිරින්ද වැල පොලිසියෙන් වාර්තා වේ. වාර්තාවන අන්දමට 27 වැනි වියෙහි පසුවන විවාහක සැමියා හා කලක් පැවැති පෙම් සම්බන්ධයකින් පසුව විවාහ වී වසර අටක් ගතව ඇත. ඔවුන්ට වයස අවුරුදු 6ක හා 7 ක දියණියෝ දෙදෙනක් ද සිටිති. මාස කීපයක සිට තම බිරිඳ වෙතත් තරුණයකු සමගද අනියම් සම්බන්ධයක් පවත්වන බව දැනගත් සැමියා ඒ පිළිබඳව අවස්ථා කීපයකදීම ඇයට අවවාද කළත් ඒ ගැන තැකීමක් තැතිව ඇය අනියම් සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත.


මතට ඇබ්බැහි වූවකු බව කියන අනියම් සැමියා තමාට හා දියණීයන්ට තර්ජනයක්  වන නිසා ඒ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව දෙපාර්ශ්වය කැඳවා පරීක්ෂණය කර තිබේ.  එහිදි 24 හැවිරිදි දෙදරු මව පවසා  ඇත්තේ අනියම් සැමියා සමඟ යාමට නොදුන්නොත් මැරෙනවා කියාය. හඬා වැළපෙමින් එසේ පැවසීම නිසා අහිංසකයකු වූ සැමියා දියණියන් දෙදනා බාරගෙන යාමට තීරණය කර ඇත.