සත් කෝරළයේ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන තිදරු පියකු වූ ඔහු තරුණ කල සිටම දඩයමේ යාම පුරුද්දක් කරගෙන සිටියේය. නිවස අසල කැලයක් තිබූ නිසා දඩයම් කිරීමට වල් ඌරන්, භාවන් වැනි සතුන් ද සුලබව සිටීම ඔහුට වාසියක් විය. රැකියාව ලෙස රියදුරකු වශයෙන් වැඩ කළ ඔහු දඩයම් කරන පුරුද්දද අත්නොහැරියේ දඩ මස් රහ වැටුණ නිසා බව නම් නොරහසකි. නිතරම දඩයම් කිරීමට ඉති කැපීමට කැලයට යන ඔහුට සතකුට බලා වෙඩි තැබීම අපහසු දෙයක් නොවුණි. තරුණා කල සිටම අක්‍රමිකතා වැඩ කළ ඔහු පව් පින් ගැන එතරම් තැකීමක් නොකළේය. කැලැවට ආසන්නව සිය නිවස තනා තිබු ඔහු යම් යම් දේ වගා කර තිබුණද ඒවා රිළවුන්, දඩුනුත්, මීමිත්තන්, වල් ඌරක් වැනි සතුන්ගන් ආරක්‍ෂා කිරීම අපහසු කාරියකුත් විය.
නිවසේ වවා තිබු එළවළු පළතුරු කැමට එන රිළවුන්ගෙන් බේරීමට නොහැකි තැන දිනක් රිළවෙක් අල්ලා ලනුවකින් ගසක ගැට ගසා
තිබුණේ කේන්තිය නිසාමය. දිනක් මේ රිළවා ළගට ගිය ගෙහිමියා නොරිස්සු රිළවා ඔහුගේ දකුණු අත සපා කැවේය. මේ ගෙහිමියාගේ අතේ නහර එළියට එක තරමට දරුණු විදිහට සපා කෑ රිළවාගේ වලිගය කපා දැමුවේ ඔහු දෙවරක් තොසිතාමය. රිළවාද වේදනාවෙන් කාලය ගත කරද්දි ගෙහිමියාගේ අත දරුණු ලෙස තුවාල වු නිසා දින කීපයක් රෝහලේ නතර වී බෙහෙත් දමා ගෙන නිවසට ආළවිය. එහෙත් ඔහුගේ අතේ තුවාලය සුව වුවද අත් වළක් හැපී ඇති ආකාරයට සම ඇතුළට ගිලා බැස තිබූ නිසා ගෙහිමියාගේ ශත්තිය දිනෙන් දින වැඩි විය.
ඉන්පසු ගෙහිමියා රිළවාගේ අතක්ද කපා දැමුවේය. ඊළඟ දිග තව අතක්ද ඊළඟ දින අතක් අතද තව දිනක කකුලක්ද බැගින් අත් පා සියල්ල කපා දැමු ඊළවා ඒ වේදනාවෙන් මිය ගියේය. විශාල ලෙස ප්‍රාෂාඝාත කළ ඔහු දිනක් මිතුරකු සමඟ ගොස් එන අතර මගදී ගසක විශාල අත්තක් ඔහුගේ හිසට කඩා වැටී රෝහලට ඇතුළත් කරනු ලැබුවේ සිහිය නැති වීමත් ඉගෙ විෂයන් පහළ කොටස පණ නැතිව යාමත් නිසාය. දින ගණනාවක් එක තැන සිටි ඔහු රෝහල් ඇඳ මතම මිය ගියේ මේ ආත්මයේ කළ පව් පඩිසන් දීම නිසා බව ගැමියෝ කියන්නට වුහ.
Comments
Post a Comment