”සා මරුනේ දැන් ශිවන්හි, ඉසිතා. ප්‍රවීණා හොඳටම පේනවා. සතුටින් ඉපිලුණු බිරිඳ මධ්‍යම රාත්‍රිය දක්වා වුවද නිදිවරයි. එහෙත් මාසය අවසන් වන්නටත් මත්තෙන් මේ සේවාවේ බිල්පත නිවසට ලැබෙන අතර, මෙවර බිල්පත ලැබී දිනකට පසු රතු වර්ණයෙන් යුත් විදුලි බිල්පතක්ද නිවසට ලැබුණි. ඒ පසුගිය මස හිස මුදලක්ද ගෙවීමට ඇති නිසා යැයි බිරිඳ සැමියාට කීවේ බිල්පත ලැබී තවත් දින කිහිපයකට පසුවයි. සැමියා බිරිඳට විදුලි බිල්පතට අදාළ මුදල ලබාදුන්නේ එය ඉක්මනින් ගෙවීමට නොහැකි වුවහොත් විදුලිය විසන්ධි විය හැකි බව බිරිඳට අනතුරු ඇඟවීමක්ද කරමිනි.
එහෙත් බිල්පත් දෙකම රැගෙන නගරයට ගිය බිරිඳ පළමුව රූපවාහිනී බිල ගෙවීමටත්, විදුලි බිල පසු දිනක ගෙවීමටත් තීරණය කළේ හදිසියේ
රූපවාහිනී සේවාව විසන්ධි කළහොත් ඊයේ නයි වෙස් ගත් ශිවංගි අද කුමක් කරයිදෝ කියා දැන ගැනීමට නොහැකි වන බව දන්නා නිසාය.
එහෙත් සිදු වූයේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. ශිවංගි නිවසට පැමිණීමට පෙර පැමිණි විදුලි බල මණ්ඩලයේ නිලධාරීහු නිවසේ විදුලිය විසන්ධි කළහ. දෙවියන් සිහි වූ බිරිඳ සැමියා එන විටන් කරුවලේම නින්දට ගොසිනි. නිවසේ විදුලිය නැති හේතුව තේරුම් ගැනීමට සැමියාට වැඩි වේලාවක් ගත නොවීය. දෙතුන් විටක් බිරිඳ ඇමතුවත් නිහඬ බව රකින බිරිඳගේ මේ ඉරියව් තේරුම්ගත් සැමියා සිතට නැගුණු කේන්තිය ඉවසනු බැරිම තැන රූපවාහිනිය උස්සා පොළොවේ ගැසුවේය. එහෙත් බිරිඳ නිහඬය. ශිවන්හි. ඉසිතා. තුල්සි. ප්‍රවීනා ආගිය අතක් නැත. නිවසට විදුලිය ලැබුණේ දින කිහිපයකට පසුව අදාළ දඩ මුදලද සමග විදුලි බිල්පත ගෙවීමෙන් පසුවය. දැන් බිරිඳ සියලු වැඩ අවසන් කර ඉක්මනින්ම නින්දට යනවාලු.
Comments
Post a Comment