තම දියණියට නවීන පන්නයේ ජංගම දුරකතනයක් පියා ලබාදී ඇත්තේ ඇයගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීම සඳහාය. දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටි නිසා එම කාලය තුළ ඇය දුරකතනය නිවසේ තබා විභාගයට ගොස් තිබේ. ඇයගේ පියා ද පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුටද දුරකතන පිළිබඳ එතරම් දැනුමක් නැත. එහෙත් නිවසේ ගෘහණියක ලෙස සේවය කරන ඇයගේ මව දුරකතනය පිළිබඳව අධ්‍යයනයක නිරත වූවාය.
ඇය ඇසුරු කරන පුද්ගලයකු පරිගණක පිළිබඳව මනා දැනුමක් ඇති අයෙකි. ඔහු ඒ පිළිබඳව මෙම නිවසේ සිටින කතට පුහුණුවක් ලබාදී තිබේ. ඒ අනුව නිවසේ කිසිවකුත් නැති විටෙක ඔහු දුන් උපදෙස් මත ඇය වයිබර් තාක්ෂණය ඔස්සේ දෙදෙනා මුහුණ බලාගෙන ජවනිකාවල නිරතව විනෝදයෙන් කාලය ගත කොට ඇත. දිනක් එලෙස මුහුණ බලා කතා කරමින් විනෝදයෙන් පසුවන අතරවාරයේ සිය සැමියා හදිසියේ නිවසට පැමිණියේය. ඔහු මොහොතක් ඒ දෙස බලා සිටියේය. එය දුටු තම බිරිඳ කලබලයට පත්ව සංවාදය විසන්ධි කිරීමට උත්සාහ කළත් ඇයට කර ගැනීමට නොහැකි වූවාය. ඇයගේ රුව එහි නැතත් පිටතින් කතා කරන තැනැත්තා ජීවමානව රුව සහිතව එහි දිස්වී සිටින අයුරු හා ඔහු කියන දෙයින් යමක් තේරුම් ගත් සැමියා කෝපයට පත්ව අඬදබරය දුරදිග ගියේය. අහල පහළ නිවසට පැමිණියාය. මව්පියන්ගේ නිවසට දැනගන්නට ලැබුණි. කියා බිරිඳ තවමත් පසුවන්නේලු. ඇයට පහර දුන්නේය. අයද එතැනට පැමිණියහ. ඔවුහු සිද්ධිය දැන ගත්හ. දියණිය ද විභාගය නිම වී අම්මා නිවසේ නැත.
අම්මා වයිබර් නිසා ඇතිවූ තත්ත්වයක් මත ඇයගේ මව්පියන්ගේ නිවසට ගොස් ඇති බව දියණියට දැනගන්නට ලැබුණි.
විභාගය නිමවී ඇතත් දියණිය පියා සමග එම නිවසේ පසුවන අතර, ඔවුන් කිසිවකුත් ඇය කැඳවාගෙන ඒමට මෙතෙක් එහි ගොස් නැත. මෙකී තත්ත්වය මත වයිබරයක් කළ හදියක් කියා බිරිද තවමත් ඇයගේ මව්පිය ඇසුරේම පසුවන්නේලු.
ලිසී ආච්චි තරමක් සැරපරුෂ කාන්තාවකි. තම දූ දරුවන් නිතරම කල්ගෙවන්නේ අනියත බියකිනි. මන්දයත් ඔවුන් අතින් යම් අතපසු වීමක්, වැරදීමක් සිදු වුවහොත් ලිසී ආච්චිට යක්ෂයා ආරූඪ වන්නේ නිරායාසයෙනි. කෙසේ වුවද තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම කෑම බීම ඇඳුම් පැළඳුම් පිළිබඳව නිරතුරු සොයා බලා අවශ්‍ය පරිදි කටයුතු කිරීම ඇය මනා වගකීමක් ලෙසින් ඉටු කිරීමට අමතක නොකළාය.
දිනක් තම මිණිබිරිය උපකාරක පන්තියකට ගොස් නිවසට පැමිණි විට පංති ගෙනයාම සඳහා ඇගේ මව සාදා දුන් උදෑසන ආහාර වේල පිළිබඳව ආච්චි විමසු විට " ආච්චි අම්මේ කරවල ටික නම් පට්ට රහයි '' යනුවෙන් පවසා කාමරය තුළට ගියාය. "මොනවා පට්ට රහයි '' යනුවෙන් තමාටම කියාගන් ලිසි ආච්චි තම ලොකු දුවට කතාකොට රසට කෑම බීම පිළියෙළ කිරීම පිළිබඳව දේශනයක්දී දුවගේ කෑමවේල නිසි පරිදි සකස් කර නොදිම පිළිබඳව නොසෑහෙන සේ දොස් තැබුවාය. එය මහා වාග් සංග්‍රාමයක් බවට පත්වූයේ නිමේෂයෙකිනි.
මේ අතර තම කාමරයට ගොස් ඇදුම් මාරු කරගෙන එතැනට පැමිණි මිනිබිරිය ” ඇයි ආච්චි අම්මේ අම්මට බනින්නේ " යැයි විමසූ විට "කරවල ටික පට්ට රහයි '' කියල කී නිසා අම්මට හොඳට දෙහි කැපුවා '' යැයි කීවාය. එවිට මිනිබිරිය සිනාසී ''අනේ ආච්චි අම්මේ, මම කරවල ටික පට්ට රහයි කියල කිව්වේ, හොඳටම රස නිසා '' යැයි කී විට කරුණු අවබෝධ කරගත් ලිසී ආච්චි " අනේ මන්දා උඹලගෙ ඔය භාෂාව අපිටනං තේරෙන්නේ නැහැ " යි කියමින් මුළු තැන් ගෙයින් නික්ම ගියාය.
Comments
Post a Comment