දිනක් සුපුරුදු පරිදි කොළඹ නගරයේ ස්ථාන කීපයකට ගොස් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ අඩු මිලට ගැනීමට සොයමින් යන අතර, කණ්ඩායමේ එක් මිතුරකුට යට ඇඳුමක් මිලට ගැනීමට අවශ්‍ය වුවත් එම අවශ්‍යතාව ඉතා අඩු මිලකින් ඉටු කර ගැනීමේ අරමුණින් වෙළෙන්දකු වෙත ගොස් විමසුවේය. එවිට වෙළෙන්දා පවසා ඇත්තේ රුපියල් දෙසීයක් වැනි මුදලකට යට ඇඳුම් 3ක් මිලදී ගත හැකි බවයි. එහෙත් එයටත් වඩා අඩු මුදලකට මිලදී ගත යුතු යැයි සිතූ මිත්‍රයා එය මගහැර වෙනත් වෙළෙන්දකු සිටින ඉසව්වක් සොයා ගියේය. මාර්ගයේ වෙළෙඳාම් කරන වෙළෙන්දකු යට ඇඳුම් දෙකක් තිබෙන පෙට්ටියක් පෙන්වමින් ශබ්ද නගා “රුපියල් අසූවයි රුපියල් අසූවයි” කියමින් වෙළෙඳාමේ යෙදුණි.
එය දැකීමෙන් එය ඉතාම ලාභදායී අවස්ථාවක් යැයි සිතූ මිතුරා එය මිලදී ගැනීමට රුපියල් 100ක් සිය පසුම්බියෙන් ඉවතට ගෙන වෙළෙන්දා අතට දී එක් පෙට්ටියක් තමන්ට දෙන මෙන් ඉල්ලා සිටියේය. වෙළෙන්දා ද භාණ්ඩය වෙනත් පාර්සලයකට දමා ඔහු අත තැබීය. වෙළෙන්දාට දුන් රුපියල් 100ක මුදලේ ඉතිරි මුදල් ඉල්ලූ වෙළෙන්දා ශබ්ද නගා පවසා ඇත්තේ භාණ්ඩය වෙනුවෙන් තවත් මුදල් අවශ්‍ය බවය. එක යට ඇඳුමක මිල පමණක් රුපියල් අසූවක් වන බවකි. වෙළෙන්දා කීවේ දෙකෙහිම මිල රුපියල් එකසිය හැටක් වන බවයි. එම අවස්ථාවේදී ඒ අසල සිටි මිත්‍රයන්ගේ ඇස් උඩ ගියේය. එහෙත් සුළු වේලාවකින් සිදුවී ඇත්තේ කුමක්ද කියා වැටහුණි. අවට සිටි පිරිස ද මෙම සිදුවීමට අවධානය යොමු කර ඇති අතර, වරද වටහාගත් මිතුරන් පිරිස ඉතිරි මුදල්ද දී ලැජ්ජාවෙන් වට පිට බලා වහ වහා එම ස්ථානයෙන් පිටව ගියහ. වැඩි ලාභයක් සොයන්නට ගොස් තම මිතුරාට සිදුවූ අකරතැබ්බය පිළිබඳව අනෙක් මිතුරන් තිදෙනාට හාස්‍ය උපදවන කරුණක් ද විය.
Comments
Post a Comment