gossiplanka image 1
 


ඔහු රජයේ කාර්යාලයක සුළු සේවකයකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකි. බිරිඳ පෞද්ගලික ආයතනයක සේවය කළාය. ඔවුන්ට දරුවන් පස් දෙනකු සිටි අතර ඔවුහු ප්‍රදේශයේ උසස් විදුහලක අධ්‍යාපනය ලැබුහ. ඔහුගේ නිවසට නුදුරින් පුවත්පත් වෙළෙදාසල පවත්වාගෙන ගිය වෙළෙඳසල් හිමියා ඔහු තරමක් දුරට හඳුනයි. ඒ වෙන කිසිවක් නිසා නොව සෑම ඉරිදා දිනකම පුවත්පත් මිලදී ගැනීමට වෙළඳසලට පැමිණහ . එතරම් උගත් පුද්ගලයකු නොවූ වෙළඳසල් හිමියා මොහු ගැන විශාල පැහැදීමකින් සිටියේය. ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රදේශයේ දැන උගත් පුද්ගලයෙකු බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබූ බැවිනි.


දිනක් වේළදසල් හිමියාගේ දියණියකට පෞද්ගලික ආයතනයක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට ඉංග්‍රීසි භාෂාවෙත් ලිපියක් ලියවා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා සුදුසුම පුද්ගලයා මෙම ඉංග්‍රීසි පුවත්පත මිලදී ගන්නා අය බව තහවුරු කරගත් වෙළෙඳසල් හිමියා සන්ධ්‍යා භාගයේ බිස්කට් පැකැට්ටුවක්ද රැගෙන දියණියද කැටුව ඔහුගේ නිවසට ගියේ ලිපිය ඉතා හොඳින් සකස්කර ගත හැකි බවට දැඩි විශ්වාසයෙන් යුක්තවය. නිවසට ගොස් කාරණය පැහැදිලි කළ විට මෙම විශ්‍රාමික පුද්ගලයාට හින් දාඩිය දැමීමය. "අනේ මුදලාලි හරිම කනගාටුයි. මට ඉංග්‍රිසි බෑ. ඉංග්‍රීසි පත්තරේ ගත්තේ ඒක වැඩීම පිටු ගණනක් තියෙන හින්දා දරුවන්ට හා බිරිඳට බත් ඔතන්ත  කඩදාසි ගොඩක් ඔන නිසයි. ඒ පත්තරේ සතියටම ඇති. අනේ තරහා වෙන්න  එපා. මේ ගැන කාටවත් කියන්නත් එපා. යැයි බැගෑපත් විය. කෙසේ වුවද ඔහුගේ දියණියගෙන්  මෙය පැතිර ගියේය.


ඔහු   සේවය කළ ආයතනයේ  හිතවතුන්ට ද කනින් කොනින් මෙය කන වැකුණි. කාර්යාලයේ මිතුරන් ඔහුට ඇමතුමක් ගෙහ ඉංග්‍රීසි ලිපියක් ලියාගත්ත තියනවා. හවසට චිත්ත දැයි අසන විට දුර කථනය විසන්ධි කරන්නේ ඔහුගේ දරුවන්ගේ  ද සිනා හඬ මධ්‍යයේ ය. පසුව සති කිහිපයක් යහ තෙක් දුරකතනය විසන්ධි කර තිබුණි.