ලේලිය ද කිසිවක් නොඅසාම කැන්ද කොළ තැම්බිමට සූදානම් වූවාය. එහෙත් ලේලිය කිසි දිනක කැන්ද කොළ තම්බා නොතිබුණි. දැන් පැණි බෝතලයකුත් කැන්ද කොළත් ඇත. කැන්ද කොළ නමන විදිහක් ඇය දන්නේද නැත. ලේලිය කැන්ද කොළ වටිටියක තබා සම්පූර්ණ කැන්ද කොළය මත පැණි තැවරුවාය. ඉන් පසු දෙකට නවා වණ්ඩුවක් බැඳ පැණි තැවරූ කැන්ද කොළ එකක් මත ඒකක් තබා බොහෝ වේලාවක් තැම්බුවාය. තැම්බුන පසු ලිපත් බා නැන්දම්මාට කතා කොට අම්මේ කැන්ද කොළ ටික තැම්බුවා කීවාය.
නැන්දම්මා පැමිණ ''කෝ බලන්න රසද කියලා '' කියමින් කැන්දකොළ නොහොත් හැළප කැමට තැම්බූ කොළය දිග හැරියාය. කැන්ද කොළය තවා මැරී තිබුණත් ඇතුළත කිසිවක් නැත. නැන්දම්මා මෙසේ ලේලියගෙන් විමසීය. ඈ ළමයෝ කෝ කැන්ද කොළ මේ කොළේ විතරයිනේ. ඉතින් අම්ම කිව්වේ කැන්ද කොළ තම්බත්ත කියලෙනෙ, මම තැම්බුව '' ලේලියගේ පිළිතුර විය.
නැන්දම්මා ලේලියගේ කැම හැදීමේ තරම දැන කැන්ද කොළ කියන්නෙ හැළපවලට. මෙන්න මෙහෙමයි හැළප තම්බන්නේ කියමින් කැන්ද කොළ නොහොත් හැලුප සාදා පෙන්නුවාය. ලේලිය ලැජ්ජාවට පත් වී නැන්දම්මාගෙන් කැන්දකොළ තැම්බීමේ පාඩම ඉගෙන ගත්තාය. එදා සිට ඒ ලේලිය කැන්ද කොළ තැම්බූ හැටි ගම් ප්‍රචලිත විය.
Comments
Post a Comment