රට ගොස් පැමිණි බිරිද කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬ දබර බෝ වී සාමය බි වැටී ඇති බවත් ඇයත් සමග තවදුරටත් දිග නොහැකි නිසා ඇගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක් ඉදරිපත් කිරීමට පැමිණි සැමියකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව පොලීසියෙන් දැන ගැනීමට ලැබෙයි.
මැදිවිය ඉක්ම වූ මේ පුද්ගලයා විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් මහතා (48368) වෙතට යොමු කෙරිණි.
'' ලොකු උන්නැහේ මොකක්ද මේ ආරවුල්? '' අපීත් රාලහාමි විමසීය.
"මට ගෑණිත් එක්ක ඉන්න බෑ" ඔහු පිළිතුරු දෙයි.
" ඒකට හේතුව " රාලහාමි යළි ඇසීය.
"ගැනි මගෙත් එක්ක රණ්ඩු කරනවා '' ඔහු කීය.
'ඒකට හේතුවක් ඇති නේ රාලහාමි ඇසීය. " හේතුව මේකයි ගැනි රට ගිහිල්ලා ආවා. මම ගැනි ළගට ගියාම එකි නරක කතාවක් කියනවා. මං එකට බෑ කීවාම නැගිටලා යනවා. මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා. ගෑනි මීට කලිනුත් රට ගිහින් ආවා. ඒත් මේ සැරේ ගිහින් තමයි ඔය අමුතු පුරුද්දක් පුරුදු වෙලා ඇවිත් තියන්නේ, මම දන් නෑ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? විලි ලැජ්ජාවේ බෑ'' යි කියමින් ඔහු ඇඹරෙන්නට විය.
"මේ ලොකු උන්නැහේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියනවා කෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?
'' රාලහාමි පොලිස් ප්‍රයෝගයක් අනුගමනය කළේය.
" ඒක මහ අමුතු සෙල්ලමක් '' කී මැදිවියේ පුද්ගලයා රහසක් කියන්නාක් මෙන් යමක් කීවේය.
"ඒකත් එහෙමද?. ගැනිට වයස අවුරුදු හතළිස් දෙකක් විතර වනවා කීවා නේද? මම නිකමට වාගේ යෝජනාවක් කරනිනම්. තමත් අරක්කු භාගයක් බිලා ගිහින් ගැහිගෙ ආශාව ඉෂ්ට කරනවා " රාලහාමි විහිළුවට මෙන් කීය.
"භාගයක් නෙමෙයි කල්දෙරමක් බිලත් මට ඕක කරන්ඩ බෑ. එවිට ඕන මට ඒකිගෙන් වෙන් වෙන්ඩ අවස්ථාව හදලා දෙනවා නම් ඒ ඇති.''
මැදිවියේ පුද්ගලයා ඉල්ලා සිටීයේය.
"හා..හා.. කලබල වෙන්ඩ එපා. අපි ඇවිත් තමන්ගේ බිරිඳට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔය නරක පුරුදු අයින් කර ගනිවී ” යි කියා රාළහාමි කියහ විට මැදිවියේ පුද්ගලයාගේ මුවෙහි පුංචි හිනාවක් මතු වුණේය.
Comments
Post a Comment