සියනැවේ දේවාලයකි. මෙම දේවාලයේ කපුවකු නැත. බැතිමත්හු වැල නොකැඩී එහි පැමිණෙති. බාර හාර වෙති. යමක් ඉටුවූ පසුව දේවාලයට ගොස් බාර වූ දෙය දෙවියන්ට පුදා ඉතිරිය එහි පැමිණියවුන්ට බෙදා හදාදිම සිරිතය. නොබෝදා තම බාරයක් ඔප්පු කිරීමට වැඩිහිටි කතක් පැමිණියාය.
ඇය දේවාලයට නිර්මාංශ බත්මුල් පහළොවක් පිඳීමට බාරයක් වී ඇත. ඇය දෙවියන්ට වූ පොරොන්දුව පරිදි බත්මුල් දහසයක්ම ගෙනවුත් එකක් දෙවියන්ට පිදීමට ගියේ ඉතිරි ඩත්මුල් සුදුසු තැනෙක ආරක්ෂිතව තබමිනි.
දෙවියන්ට බත්මුල පූජා කර ඉතිරි බත්මුල් දෙවියන්ට පින් පතා එහි සිටියවුන්ට බෙදාදීම ඇගේ අරමුණය. ඇය බත්මුල් දේව පාමුල පුජාකොට ඉතිරි බත් මුල් තිබූ තැනට පැමිණියාය. ඒවා එහි නොවීය. කවුදෝ බත්මුල් උස්සලාය. දෙවියන්..... දෙවියන්ට වූ බාරය ඔප්පු කළා... බෙදන්නට ගෙනා බත්මුල් හොරු අරගෙන. හොරු කෑවත් ඒ පින් ඔබ වහන්සේට ලැබේවා
යි දේවපාමුල දුක කියා ඇය පිටව ගියාය.
Comments
Post a Comment