මැදිවයස ඉක්ම වූ රාජ්‍ය සේවකයෙකු වූ ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ පුරුද්ද විය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසට පැමිණි පසු අමුතු අමුතු සිදුවීම්වලට මුහුණ දීමටද සිදුවිය.
පඩි ගත් දිනයට පසු දින ඔහු සිරිත් පරිදි මිතුරෙකු සමග අවන්හලකට ගොඩ විය. මිතුරාද අප කතා නායකයාද භාවිතා කළේ එකම වර්ගයේ බෑග් දෙකකි. එදින වැසි දිනයක් වූ නිසා අවන්හලේ ගත කළ කාලය දැනුනේම නැත. ඔවුන් දෙදෙනාගේ බෑග් දියදි තොගේම එකම ස්ථානයක තබා තිබුණි. මේ අතර මිතුරා තම සාක්කුවේ තිබූ යමක් ගෙන එය බෑගයේ දමා ගත්තේය. වැස්ස තුරල් වූ පසු දෙදෙනාම විසිර ගියේ කන සාක්කුවට වැටෙන තරමටම රවමෙන් පසුවය.
ඔහු නිවසට පැමිණ කෙළින්ම ගියේ කාමරයේ ඇඳ සොයාගෙනය. ප්‍රමාදයට හේතුව දැන සිටි බිරිඳද ඇඳ සූදානම් කර තිබුණාය. පසුදින උදෑසන අවදිව කාර්යාලයට යාමට සූදානම් වූ ඔහුට බිරිඳගේ හැසිරීම වෙනස්ව ඇති බව දැනුණි. වෙනදාට වඩා දැඩි කෝපයකින් ඇය සිටින බව පෙනුණි.
“ඇයි, මොකක්ද අද ඔයාට වෙලා තියෙන්නේ?” යනුවෙන් ඔහු ඇසුවේය.
“වෙලා තියෙන්නේද? කොහෙද ඊයේ ගියේ? මේ මොනවද?” කියමින් ඇය ඔහුගේ බෑගයේ තිබූ උපත් පාලන කොපු පැකට්ටුවක් ගෙන ඔහුගේ ළඟට විසි කළාය.
ඔහුට තරු පෙනුණි. මෙය තම බෑගයට ආවේ කෙසේදැයි ඔහුටද ගැටලුවක් විය. එහෙත් බිරිඳගෙන් ඔහුට කිසිඳු ගැළවීමක් නොවීය. මිතුරා වැරදීමකින් මෙය තම බෑගයට දමා ඇති බව ඔහු සිතුවේය. එනිසා ඔහු වහාම දුරකථනයෙන් මිතුරා අමතා විමසීය.
“හරි මචං, මම ඊයේ රෑ ක්ලබ් එකේදී මගේ බෑග් එක කියලා හිතාගෙන ඒක දාලා තියෙන්නේ උඹගේ බෑග් එකට. සොරි මචං. එනකොට ඒක අරගෙන වරෙන්,” යනුවෙන් මිතුරා පිළිතුරු දුන්නේය.
එහෙත් එම පිළිතුර බිරිඳට සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට ප්‍රමාණවත් නොවීය.
“හරි යනවාකෝ. අද මමත් එන්නම් ඔය යාළුවා හම්බවෙන්න,” යනුවෙන් ඇය කීවාය. බිරිඳගේ සිත තවමත් සන්සුන් වී නැත.
එදින උදෑසන සහ දහවල් ආහාරයද නොගෙන ඔහු කාර්යාලයට ගියේය. එහෙත් බිරිඳ දහවල් කෑම පාර්සලයක්ද රැගෙන කාර්යාලයට පැමිණියාය. එහිදී මිතුරාද කැඳවා ඇය ඉදිරියේදී සිද්ධිය මිතුරාගේ අත්වැරදීමකින් සිදු වූ දෙයක් බව ඔහු පැහැදිලි කළේය.
මිතුරාද ඇය ඉදිරියේ වැඳ වැටෙමින් තම අතින් සිදු වූ වරද පිළිබඳ සමාව ඉල්ලුවේය. මෙය පවුල් ආරවුලක් කර නොගන්නා ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් ඇයගේ සැකය වූයේ දෙදෙනාම එකට හොර ගමනක් ගොස් ඇති බවය. පසුව ඇය නිවසට ආවත් දින ගණනක් යනතුරු ඔහු සමග කතාබස් කළේ නැත.
Comments
Post a Comment