සිද්ධිය මෙසේය.
මෙම තරුණ කාන්තාව උදෑසන කුරුණෑගල නගරයට යෑම සඳහා නිකවැරටිය නගරයෙන් මගී ප්‍රවාහන බසයකට නැග්ගාය. මද දුරක් යන විට එම බසයට නැගුණ උසස් රැකියාවක නියුතු පෙනුමැති තරමක් වයස්ගත පුද්ගලයකු කාර්යාල බෑගයක්ද රැගෙන එම තරුණ කාන්තාව සිටි අසුනේම වාඩිවී ඇත.
ටික වේලාවක් ගතවන විට මෙම පුද්ගලයා තරුණ කාන්තාවට තුරුළු වී පෙම් සුව විඳින්නට මාන බලමින් සිට ඇත. හැඩවැඩ ඇති තරුණිය පිළිබඳව ලොල් වූ වයස්ගත පුද්ගලයා තරුණිය නතුකර ගැනීමට විවිධ දෑ කරමින් මහත් උත්සාහයක යෙදෙමින් සිටියේලු.
තරමක් ලජ්ජාශීලී වූ තරුණිය තම පියාගේ වයසේ වූ පුද්ගලයාගේ කරදර ද ඉවසමින් ටික දුරක් ගියාය. හදිසියේම අතර මගදී බසයට නැගුණේ කුඩා දරුවකුද උදරයේ එල්ලාගෙන මොනර පිහාටු මිටියක්ද අතින් ගත් කාන්තාවකි. එම අවස්ථාව වාසියට ගත් තරුණිය වහා ක්‍රියාත්මක වූවාය.
එන්න මෙතනින් වාඩිවෙන්න තරුණිය වහා නැගිට්ටයාය. අපිරිසිදු තත්ත්වයේ සිටි කාන්තාව තරුණියට සිනාවකින් සංග්‍රහ කර අසුනේ වාඩි වූවාය. මහත් ලජ්ජාවටත් අපහසුතාවටත් පත්වූ එම අසුනේ වයස්ගත අනංගයාට කර කියා ගැනීමට දෙයක් නොමැතිව බිම බලාගත්වනම සිටියේලු.
ටික වේලාවකින් අසුනින් නැගිටගත් වයස්ගත අනංගයා බසයේ සීනුව නාද කර අතරමගදී මහත් කනස්සල්ලෙන් බසයෙන් බැස ගත්තේලු. කිසිවක් නොදොඩා සිද්ධිය බලා සිටි අසල අසුන්වල සිටි පිරිස් නාකි මනමාලයාට හොඳ වැඬේ කියමින් සිනාසුනේලු
Comments
Post a Comment