gossiplanka image 1
 කාන්තාවන් සඳහා වූ නිෂ්පාදන ප්‍රචාරයේ නිරත වූ තරුණයින් දෙදෙනකු පසුගිය දා කඹුරුපිටිය නගරා සන්නයේ නිවසකට ගියේ එහි ඉස්තෝප්පුවේ වියපත් කාන්තාවක් සිටින බව දුටු නිසාය. මෙම කාන්තව වාඩි වී සිටියේ තම කකුලක වූ දදයක් අතගාමින් වේදනාවෙනි.



තරුණයන්ගේ විලාසය දුටු ඇය මේ නම් වෛද්‍යවරුන් යැයි සැක සිතී තම තුවාලය පෙන්වූයේ ඊට බෙහෙතක් නැද්දැයි අසමිනි.



“තියෙනවා හැබැයි ටිකක් ගණන්” කී එක් තරුණයකු අනිකාට ඉඟි මරමින් බේත් පැකට්ටුවක් දී “මිල රුපියල් හාරසීයයි. තුන් සීයක් දෙන්න තුවාලෙට මේ කුඩු වතුරෙන් දියකර ගාන්න. නිට්ටාවට සුවයි” කියමින් දෙදෙනාම ඉවත්ව ගියහ.



සවස වැඩ ඇරී මුනුබුරා සහ මිනිබිරිය ගෙදර ආවිට මේ පිළිබඳව කී ඇය “අනේ පුතේ මේ බේත වතුරෙන් දිය කරල තුවාලෙ ගාන්න’ කියමින් බේත් පැකට්ටුව මුනුබුරාට දිගු කළාය



බේත් පැකට්ටුව දුටු මුණුබුරා දෙවියන් සිහිවිය. ඒ කාන්තාවන්ගේ කොණ්ඩය කළු කිරීමට ගාන ඩයි වර්ගයකි. ඇයට මේ ගැන කියා වංචනිකයින් ගැන පොලිසියට කියමු” යැයි මුනුබුරා කීවත් ආච්චි කීවේ “එහෙම ඕන නෑ. එහෙමනං පුතේ ඕක මගේ ඔලුවේ ගාමු” කීවාලු.