හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර හෝටලයේ ගතකර ඇත්තේ හලාවතට නුදුරු ප්‍රදේශ දෙකක විවාහක දරවන් සිටින පුරුෂයකු සහ කාන්තාවකි පොලිස් විමර්ශනවලට අනුව සහ පැමිණිලිකරු ලබාදුන් තොරතුරු වලට අනුව සිද්ධිය මෙසේය.
මෙම පුරුෂයා සහ කාන්තාව හලාවතදී අහම්බෙන් මුණ ගැසීඇත. සුළුකාලයක් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී හොඳින් දන්නා හඳුනන දෙදෙනෙකු සේ කුලුපගව වැඩිදුර තොරතුරු කතා කිරීම සඳහා දෙදෙනාගේම යෝජනා ස්ථීරත්වයෙන් හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇත. දෙදෙනා මෙසේ හෝටලයේ පෙමින් වෙලී සිටියදී එකවර හෝටලයට කඩාවැදුණු දෙදෙනකු මෙම පිරිමියාට මරණ තර්ජන එල්ලකර මෙම සිද්ධිය ඔහුගේ බිරිඳට දරුවන්ට සහ සමාජයට කියන බව දන්වා ඇති අතර එසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බව පවසා ඇත.
ඒ අනුව අනියම් පෙම්වතා සිද්ධිය ප්‍රසිද්ධ වෙතැයි බියෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම්කරුවන්ට ලබාදී ඇත. වහා හෝටලයෙන් එලියට පැමිණි අනියම් පෙම්වතා මෙම සිද්ධිය පිළිබඳව සමීපතමයකුට පැවසීමෙන් අනතුරුව මෙය කුමන්ත්‍රණයක් බවට සැකකර මේ පිළිබඳව පොලීසියට පැමිණිලිකර ඇත.
වහා පරීක්ෂණයක් ඇරඹු පොලිස් කණ්ඩායම මෙම දෙදෙනාත් කාන්තාවත් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා අත මුදල් ඇතිබව කාන්තාව සැලසුම් සහගත ලෙස එම පුද්ගලයන් දෙදෙනා හෝටලයට කැඳවාගන කප්පම ගෙන ඇතිබවට සැකකළ පොලීසිය මෙය ජාවාරමක් ද යන්න සොයා බැලීමටද පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment