gossiplanka image 1


අධික බීමතින් සිය මිතුරාගේ මගුල් ගෙදර යාමට ගොස් අවසානයේ මගුල් ගේ සොයා ගැනීමට නොහැකිව අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව වාර්තා වේ.  සිද්ධිය මෙසේය.


ඔහු ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. මේ අතර ඔහුගේ දියණිය වැඩි වියට පත්ව ඇත. මගුල් ගෙය මත්ද්‍රව්‍යවලින් තොරව සිදු කරන ලෙස නිවසින් ඔහුට උපදෙස් ලබා දී තිබේ එහෙත් ඔහුගේ සමීප මිතුරන්ගෙත් ඔහුට ගැළවීමක් ලැබී නැත. පාටියක් නැතුව මොන මගුල ද යැයි ඔවුන් අසා තිබේ. ඔහු මේ සම්බන්ධව කල්පනා කර ඇත. පසුව ඔහුට කදිම අදහසක් පහළ වී තිබේ. ඒ මිතුරන් වෙනුවෙන්  මත්ද්‍රව්‍ය සාදයක් නගරයේදි සංවිධානය කර කෑමට නිවසට ආරාධනා කිරීමය. ආදාළ දිනයේ ඔහු සිය අදහස ක්‍රියාත්මක කිරීමට යෙදුනු අතර ඔහු ඒම ස්ථානයේ නොදුරුනේ  මඟුල් ගෙදර සිටිය යුතු තිසාමය. සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සාදය ඇරඹුනු අතර එය අවසාන වුයේ  එක් අයකුගේ  වාහනයේ වින්ස්ක්‍රින් (ඉදිරිපස වීදුරු) නැති වීමෙනි. තව අය වැටුණු වැටුණු තැන්වල නිදියි.


මේ  අතර තම හිතවතාගේ මගුල් ගෙදර  ගොස් යුතුකම් කිරීමට තවතෙක් සිතුවේය. මිතුරාගේ නිවස කන්දක් උඩ පිහිටියද නිශ්චිතව මගුල් ගේ මතකයක් නොමැත. රාත්‍රිය හිසා වජ් පිට සැම ගෙදරකම ලයිටි දල්වා  ඇති හෙයින් ඔහු එම නිවාසවලට ගොස් මගුල් ගේ මෙහෙදැයි අසා ඇත. ඔහුව ලැබුණු පිළිතුර නැහැ තව උඩ යයි බවය. මග අහමින් උඩට ගිය ඔහු හට එක නිවසක විශාල සංගීත ශබ්දයක් ඇසී ඇතත්  එහි සෙනග සිට නැත. ඒම නිවසට ගොස් විමසුවද මෙහි මඟුල් ගෙයක් නැහැ තව උඩහ යනමෙන් පිළිතුර දී තිබේ. තම මිතුරා තමත් බයිට් කරන බව සිතූ ඔහු වෙරී පිටම දෙතුන් වරක්ම එම නිවසින් අසා ඇත්මත් මඟුල් ගේ මෙහෙද යන්නයි. කෝපයට පත් වු ගෙහිමියා ඉක්තව තමුසෙට මම හොඳ මඟුලක් දෙන්න යැයි පවසා නිවස තුළට ගොස් දෙකේ දෙකේ පොලු කැල්ල ගෙන ඔහු පසුපස පන්නන්ට වී ඇත. පොල්ල දුටු විට වෙරි හිඳුන මිතුරා නගරය තෙක්ම වැටී වැටී දිවගොස් ඇත්තේ දෙවියන් සිහිකර ගෙනය.