අගනුවර කාර්යාලයක සුබ සාධක වෙළෙඳසලේ තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබු ස්ථානයෙන් නැවත කාර්යාලයට රැගෙන ඒමට ගිය එහි සේවකයෙක් තම පෙම්වතිය හමුවීමට තිබු හදිසිය නිසා තරාදිය වෙනුවට එය බහාලන පෙට්ටිය පමණක් කාර්යාලයට රැගෙන ආ පුවතක් අගනුවරින් වාර්තාවේ. වාර්තාවක අත්දමට සිද්ධිය මෙසේය.
අගනුවර පිහිටි මේ කාර්යාලයේ සේවකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවා ඇති වෙළෙද සැලෙහි විදුලි තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත් වැඩියා කිරීමට දී තිබිණි. එය හිමිකර ඇති බවට කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව තරාදිය රැගෙන එන ලෙස එම නිලධාරියා තම සේවකයකුට පවසා තිබුණේ කාර්යාලය හිමි වත්තට පැය භාගයකට පමණ පෙරය.
සේවකයා එදින සවස 5.00ට කොටුව දුම්රිය ස්ථානයේදී තම පෙම්වතිය මුණ ගැසීමට දින වෙන් කර තිබුනේ සතියකටත් පෙර නිසා හදිසියේ සිදු වූ මේ අතර තැබියෙන් ඔහුගේ හිස ගිනි ගත්තේය. ඔහු වහා කාර්යාලය් වාහනයකින්ම අදාළ ස්ථානයට ගොස් තරාදිය ගෙනවිත් කාර්යාලයේ තබා ඉක්මනින් පෙම්වතිය හමුවට ගියේය. එදිනම ඉහළ නිලධාරියාට නැවත දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියැ වුනේ ඔබගේ සේවකයා පැමිණ තරාදිය මෙහි තිබියදී එය බහාලන පෙට්ටිය පමණක් රැගෙන ගොස් ඇති බවය.
ඉහළ නිලධාරියාට යකා නැග්ගේය. ඔහු වහාම තම සේවකයාට දුරකථන ඇමතුමක් ගත් සේවකයා දුම්රිය ස්ථානයේ පෙම්වතිය සමඟ පෙම් සුව විඳිමින් සිටින විටදීය. "මේ, හලෝ තමුසේ අර තරාදිය ගෙනාවද?" ඉහළ නිලධාරියා විමසීය.
ආ.. ඔව්. ඕව්. සර් අන්න ඒක එතැන තිබ්බා. සේවකයා කීය.
ආ.. එහෙමද එහෙනම් තමුසේ හෙට උදේම වැඩට ආපු ගමන් ආපහු ගිහින් බලනව එතන තව තරාදියක් ඇති ඒ තරාදිය කර තියාගෙන පයින්ම එනවා. ඒක ගෙන් තමුසෙට වාහන දෙන්නෙත් නැහැ, තරාදිය දාගෙන එන්න පෙට්ටිය දෙන්නෙත් නැහැ යැයි ඉහළ නිලධාරියා තදින් කී විට සේවකයාට සිදු වී ඇති දේ කුමක්ද කියා සිතා ගත නොහැකිව පෙම්වතිය ඉදිරියේ ගොලු වුණාලු.
Comments
Post a Comment