තම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ඥාතියකුගේ අවමංගල්‍යයක් දකුණේ ඈත ප්‍රදේශයක පැවැත්විණි. ඒ සඳහා සහභාගීවීමට යාම සඳහා නාගරික ප්‍රදේශයේ හිතවතුන් පිරිසක් සංවිධාන වූහ.
විසිපස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස එදින උදෑසනම කුලියට ගත් බස් රථයකින් ගමන පිටත් විය.
ගමන තරමක් දුර වූ බැවින් ගමන් වෙහෙස නිවා ගැනීමට
අවශ්‍ය මත් වතුර බෝතලයක් දෙකක් ද වැඩිහිටියන්ට හොරෙන් බස් රියට දමා ගැනීමට තරුණ පිරිස කටයුතු කර තිබිණි.
මඳ දුරක් යද්දී බස් රියේ පසුපස දෙසින් ගී ගයන හඬක් මතුවන්නට විය. ක්‍රම ක්‍රමයෙන් ගී සිංදු රාවය වැඩිවන්නට වූ නිසා බසයේ ඉදිරි පස කොටසේ වාඩිවී සිටි වැඩිහිටි අයගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. සුදු කොඩියකුත් ගසාගෙන යන ගමන් සිංදු කීම සුදුසු නැති බව ඔවුන්ගෙන් කියවිණ.
ඒ සමඟම තරුණ පිරිසෙන් කෙනෙක් ගොස් බසයේ සවිකර තිබූ කොඩිය ගලවා දැමුවේය ඉන්පසු දිගටම සිංදු කියමින් ගිය පිරිස මළගෙදර ආසන්නයේදී නැවත කොඩිය සවිකර ගෙන නිහඬව ගමන් කර දුක්මුසු මුහුණින් නිවෙසට ගොඩවුනාලු
Comments
Post a Comment