රාත්‍රි කාලයේ තම නිවස අවට සැරි සරමින් පැනග ගිය හොරා ලුහුබැඳ රැගෙන යමින් තිබු පොට්ටනිය ලිහා බැලූ ගෙහිමියකුට අත්විදින්නට සිදුවූ අපුරු සිදු වීමක් මෙසේ අසන්නට දකින්නට ලැබිණි. සත්‍ය සිදුවීම් මෙසේය.
තම නිවස පිටුපස සැරිසරන සොරකු පිළිබද බිරිඳ සැමියාගේ කහට කෙඳිරුවේ රාත්‍රී ජනේලයෙන් දකින්නට ලැබුණ දර්ශනයකට අනුවය. ගෙහිමියා ඉදිරිපස දොර හැර හෙමින් සිරුවේ තම නිවස පිටුපස සිටින සොරා ඇල්ලා ගැනීමට දිව ගියේ දොර පොල්ලකුත් රැගෙනය.
අත තිබුණ යම් පොට්ටනියක්ද ඔලුවේ තබාගෙන දිව යන සොරා දිවයන වේගය වැඩකරත්ම ගෙහිමියා දී වේගයෙන් දිවගොස් හොරා සමග පොර බැදි ඔහු සතුව තිබූ පොට්ටනිය උදුරා ගත්තේ මහත් වෙහෙසකිනි.
හොරාට පා පහරක් එල්ල කර වීරයකු සේ තම නිවසින් ගත් වස්තුව ආපසු උදුරාගත් බව බිරිදට ප්‍රකාශ කරමින් ආ ගෙහිමියා ගෙන ආ පාර්සලය සාලිය මත තැබුවේය. හොරෙක් හොරෙක් යන ශබ්දය කන වැකුණු ගම්මුන් ඒ වන විටත් තම නිවස අසල පිරි සිටියේ අවි ආයුධත් රැගෙනය. සියල්ලන් එක්ව සොරාගෙන් උදුරාගත් පොට්ටනිය ලිහා බලන්නට විය. ගෙහිමියාට දැනුණේ දැඩි අසීරුවකි. එහි තිබුණේ කාන්තාවන්ගේ යට ඇඳුම් හා තම බිරිඳගේ යට ඇඳුම් තොගයකි. රැස්වී සිටි ගමේ කාන්තාවන් හිමින් හිමින් පල්ලම් බඟිනු පෙනුනි.
Comments
Post a Comment