gossiplanka image 1


ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කර සිටි පුද්ගලයකු කෑම කමින් සිටියදී ඔහුගේ  කෑම පිගානෙන් නිවසේ සිටි බළලකු කෑම කෑ පුවතක් වාරි පොළ ප්‍රදේශයයෙන් වාර්තා  වෙයි. ඒ අනුව සිද්ධිය මෙසේය.


සැමියා හා බිරිය පමණක් පදිංචිව සිටින එම නිවසේ  දරුවන් විවාහ වී පිට පළාත්වලට පදිංචියට ගොස් ඇත.  අප කතා නායකයා කලක සිටි මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අතර සෑම දිනකම දහවල් මොනයම් හෝ මත්පැන් වර්ගයක් පානය කර තුම් කෑම පුරැද්දක් කරගෙන ඇත. මොහු එදිනත් මත්පැන් පානය කර තම නිවසට පැමිණ ඇත්තේ දහවල් 1.00 පමණය. එදින කෑමට බත් සහ කුකුල් මස් ව්‍යංජනයක් සමග තිබ්බටු මැල්ලුමක් සකසා පිඟානට බෙදා කෑම පිඟාගත් සමඟ වතුර කොප්පයක් මේසය මත තැබු ඔහුගේ බිරිඳ කෑම කන්න යැයි සැමියාට කියමින් එතැනින් නික්ම ගොස් ඇත.


ටික වේලාවකින් ආපසු පැමිණ බැලූ ඇයට දැකගත හැකිව ඇත්තේ සැමියා පිගානේ එක් පැත්තකින් කෑම කන විට පුසා අනෙක් පැත්තේ මස් කෑල්ල කන බවය. දුටු දසුනින් ඉහ වහ ගිය කේන්තියකින්  බළලාට චිප් චිප් යැයි කැ  ගසන ගමන් සැමියාට බනින්නට වුයේ තමුසෙට පේන්නෙ නැද්ද පූසා පිඟාන අනික් පැත්තෙන් කෑම කනවා යැයි කියමිනි.  බිරිඳගේ බැන අඬගැසීම් කනකට නොගත් සැමියා ඉතිං මොකද උබත් කන්න එපායැ. මං අද ලන්ච් එක ගත්තෙ තේ එක්ක යැයි පවසා බිරිඳගේ කෑගැසිල්ලට බියේ ආපසු හැරි යන්නට ගිය පුසා අතින් අල්ලා නැවතත් පිගාන ළඟින් තියාගෙන ඇත. සැමියාගේ එම ක්‍රියාවෙන් අසීමිත කෝපයට පත් බිරිද ඔහොම ගියොත් පුසා තමුසෙගෙ ඔලුවත් කඩාගෙනයි නවතින්නේ කියමින් කෝපයෙන් එතනින් නික්ම ගොස් ඇත.