gossiplanka image 1
 පාටියකට පිසූ ඌරුමස් බයිට් එක ත්‍රිරෝද රථයේ රැගෙන යාමට අකමැති වූ මිතුරෙකු හමුවීමෙන් පසු ඌරුමස් වලට දැක්වූ ලෙන්ගතුකමක් හොරණ ප්‍රදේශයන් අසන්නට ලැබුණි. අධ්‍යාපන ක්ෂත්‍රයේ ඉහළ තක්ෂිලාවකි. මෙහි සේවය කරන කීප දෙනෙකු එකතුවී සාජයක් දැමීමට තීරණය කෙරිණි. පසුව ඔවුනොවුන්ගේ එකඟතාව අනුව දිනයක් අවශ්‍ය බෝතල් ප්‍රමාණයත් එයට අවශ්‍ය කටගැස්මත් ඛෙදා කදාගෙන එළැඹි දිනයේ එකතැනකට එක් වීමට සවස් වරුවෙහි සූදානම් විය. මිතුරන් කීපදෙනෙකු තම හිතවතාගේ ත්‍රිරෝද රථයක යාමට තීරණය කළේ ඔහුද එම සාජයේ කොටස් කරුවෙකු හෙයිනි.


මචං අපිත් එකව ටවුමට උඹේ ත්‍රීවිල් එකට එකක් ආරත් වරෙන්. අපි බාර් එක කිට්ටුව ඉන්නවා'. පස්වරු හයට පමණ ත්‍රිරෝද රථය පැමිණි පසු එයට ගොඩ වුණේ උජාරුවෙනි. ත්‍රිරෝද රථය පත ගත්තවා යාමට සූදානම් විය. අනේ මචං පොඩ්ඩක් හිටපන් මම ඌරුමස් බයිට් එක ක​ඩෙන් තිබ්බ ඒක ගන්න අමතක වුණා. පට්ගාලා අරන් එනකන් ඉන්න කිව්ව මිතුරා ක්ෂණයකින් ත්‍රිරෝද රථයෙන් පැන දුව ගොස් අසල තිබූ වෙළෙඳ සැලකින් පාර්සලයක් රැගෙන ආපසු හැරි දුව විත් රයිට් රයිට් යමු මචං කීවේය.


මේ මේ ඌරුමස් අරගෙන නම් මේ ත්‍රීවිල් එකට නගින්න එපා මම දෙවියන්ට භාර කරපු එකක්. කිලිවලට අහු වෙනවා. දෙහිපත්තල දින දෙකයි. නගින්න නම් එපා මගෙ සල්ලි වතුරෙ තමයි කියමින් මිතුරා කැ මොර ගෑවේය. . මොවුන් අතරේ සිටි තවත් මිතුරෙක් හඬ අවදි කළේය. හරි උඹ කියන්නෙ ඌරු මස් ඇතුළට ගන්න එපා කියලාෂහ. අපි ඒක එළියට වෙන්න අල්ලගෙන යන්නම් වැඩේ හරි. යාත්තම් ත්‍රිරෝද රථ මිතුරා එකඟ කර ගත් පරිදි පිටතට සිටින සේ ඌරුමස් පාර්සලය රැගෙන ත්‍රිරෝද රීයෙන් අදාළ ස්ථානයට ගියේය. සියලුම මිතුරෝ එක් රොක් වී රැගෙන ආ බෝතල් හිස් කළහ. ආපසු යාමට තීරණය කළේ රෑ බෝවී ඇති හෙයිනි.


මේ අතරතුර ත්‍රිරෝද මිතුරා හිස් බෝතල් ටික ත්‍රිරෝද රථයට දමා ගත්තේය. ඒ අතරතුර ඉතිරිව තිබූ කටගැස්මද ලහි ලහියේ පාර්සල් කර ත්‍රිරෝද රථයේ පිටුපසට දැමීය.  මේ පාර්සල් අතර කිහිප දෙනෙකු පමණක් ත්‍රිරෝද රථ මිතුරා ඇතුළුව ඌරු මස් බයිට් කෑම නිසා ඉන් බාගයක් පමණ ඉතිරිවී තිබුණි. එම ඌරු මස් ටිකද ත්‍රිරෝද රථයේ පිටුපස දමාගෙන පැමිණි මිතුරන්ද හොරණ නගරයෙන් බස්සවා ත්‍රිරෝද රථ මිතුරා මගදර ගියේය. මේ බව සෙසු මිතුරෙක් ඇහ ගහගෙන සිටියේය. දින දෙකකට පසු මේ මිතුරන්ගෙත් ඌරුමස් බයිට් රැගෙන පැමිණි මිතුරා ත්‍රිරෝද රථ මිතුරාට දුරකථන ඇමතුමක් දුන්නේය.


මචං අර බයිට්ස් ටික කොහොද? ඔවු මම මස්සිතත් එක්ක ඊයේ සවස ඒකත් ඉවරයක් කරලම දැම්මා. කොක් හඬ තලා සිනාසුනු මිතුරාගේ දුරකථනය විසන්ධි විය. රාජකාරියට වාර්තා කිරීම අනිවාර්යය. රාජකාරි ස්ථානයේදී ඌරුමස් කතාව ප්‍රචලිත විය.  සුර්වීමෙන් පසු කිලි නැති ඌරුමස් රැගෙන ගිය ආකාරය පෙර පසු ක්‍රම පිළිබඳව කතා විය. ලැජ්ජාවට පත්වූ ත්‍රිරෝද රථ මිතුරා දිග කීපයක් නිවාඩු ලබා සිටියද රැකියා මුරයට වාර්තා කිරීම නොකළ හැක්කකි. පැමිණි පසු මුළු කාර්යාලයටම ඔහු බයිට් ඒකක් විය.