තම කාර්යාලීය මිතුරාගේ මංගල උත්සවයට සහභාගීවන්නට මිතුරන් පිරිස සමග එකමග ගොස් මිතුරන්ට කලින් ඉක්මනින් නිවසට යන්න ගැසූ ප්ලෑන් අකුරට ක්‍රියාත්මකවි මුදල් පසුම්බියත් නැතිව මහ මගට වැටුණු මිතුරෙකු පිළිබඳ පුවතක් අගනුවරත් වාර්තා වේ. විවාහ මංගල උත්සවයට සහභාගීවන ලෙසට ලැබුණු ආරාධනාව ඉහළින් පිළිගත් මේ මිතුරු පිරිස මංගල උත්සවයට පිටත්ව යන්නේ තම කාර්යාලයටම ගෙන්වා ගත් කුලී වෑන් රථයෙනි. උත්සවය තිබුණේ වැල්ල පැත්තේ හෝටලයකය. විවිධ හේතූන් මත ඉක්මතින් සිය නිවස කරා යාමට අවශ්‍යතා ඇති මිතුරන් දෙදෙනකු පමණක් වාහනයේ පසුපස අසුන්ය.
"මේවාට ගියාම ආයි ඉතින් එක වේලාවක් හිතා ගන්නවත් බැහැ. දන්නවනේ අපේ කට්ටියගේ හැටි. අරුන්ව රැග් කරන්න ඕන කියයි. උන්ව ගෙදරට ඇරලවන්න යන්න ඕන කියයි. ඒකෙන් මේකෙන් වෙන්නේ අපිට ගෙදර යන්න රෑ වන ඒකයි. හා නැද්ද හොදියි.
උඹටත් ඉක්මනින් ගෙදර යන්න ඕනෑ නිසා අපි හොඳ ප්ලෑන් ගහමු. සිය මිතුරා අනෙකාට කීය. මොකක්ද? පසුපස මිතුරා ඇසීය. අපි මෙහෙම කරමු. ගිය ගමන්ම ජෝඩුවට කතා කරල ටක් ගාලා අතන්ට ය. ඩයිට් නැතත් කමක් නැහැ ළග ළගම වහමු. පූළුවන් නම් කරමු බැරි නම් ඒකත් එහෙමයි. ඊට පස්සේ ජෝඩුවත් ඇදිගෙන තවමු. පස්සේ ඔක්කොම නවත්තන්න ගත්තාම අරු හීත් සැරේ පාරට පැනල දෙන්නා දෙපැත්තට එන බස් එහෙක නැගල මාරු වෙමු. අන්න හරි නියමයි. උඹට මොළෙත් තියනවා. ගිහින් ඇවිත් උන්ට කෝල් එකක් දෙමු. එතකොට හරිනේ මිතුරා කීය.
ප්ලෑන් එලෙසම ක්‍රියාත්මක විය. න් මිතුරා නිවසට ගොස් සිය මිතුරා ඇමතීය. මචං උඹෙ ප්ලෑන නම් නියමෙට වැඩ කළා. මම දැන් ගෙදර, ඔව් ඔව් ප්ලෑන නම් නියමෙට වැඩ කලා. මං ඉන්නේ තාම කිරිඳිවැල . බස් එකේදී දි මට නින්ද ගිහින් කොන්දා තමයි ඇහැරෙවුවේ. මගේ පර්ස් එකත් නැහැ. බස් එකේදී කවුද උස්සලා, සියලු සේසතම පර්ස් එකේ. විස්තරේ කියලා දිගාට කෝල් කළා මාව එක්කත් යන්න එන්න කියල උන් ඔක්කොම ජෝඩුවගේ ගෙදර ගියා. අතේ සතේ නැහැ මම මේ තතියම තව ප්ලෑනක් ගහනව “ඒ මොකක් ද?" "මිරිගමට යන්න විදියක් ගැන." කොහොම හරි එළිවෙන්න කලින් ගෙදරට යන්න එපැයි ඒකයි. සිය නෑ මිතුරා කීය.
Comments
Post a Comment