දිවුලපිටිය නුදුරු ගමෙක තරුණ අඹු සැමි යුවළක් වෙසෙති. ඔවුනට පාසල් යන වයසේ දරුවෝ දෙදෙනෙක් ද වෙති.
ඔවුන්ගේ නිවෙස අසල ගසක් යට කපුටු කරච්චලයේ ප්‍රහාරයට ලක්වූ ගිරවෙක් වැටී සිටියේය.
එම ගිරවාගේ පියාපත් කැඩී දුර්වලව සිටිනවා දුටු එම නිෙවසේ පියා, ගිරවා නිවෙසට ගෙන ආවේය. එසේ ගෙනා ගිරවාට කන බොන දේ සපයා දී කූඩුවක දමා ඇති දැඩි කළේ ආදරයෙනි.
ගිරවාගේ කපුටන් කෙටූ තුවාල ද සුව වෙමින් සිටිය දී ටික ටික කතා කරන්නට පටන් ගත්තේය. එයින් කියවුණේ මෙම ගිරවා නිවෙසක ඇති දැඩි වූවකු බවය.
‘‘පෙත්ත බත් කෑවා,, ‘‘ ඔහුගේ පළමු වදනය. මෙයින් නිවැසියෝ ගිරවාට තවත් ආදරය කරන්නට වූහ.
දින දෙක තුනක් යද්දී ගිරවා අසැබි වදනක් කීවේය. ඌ එය දිගටම කියන්නට වූයේය. මෙයින් මව්පියෝ ගිරවා ගැන කලකිරීමට පත් වූහ.
අවසානයේ දරුවන් දෙදෙනොට හොරා ගිරවා නිවෙසින් පිටමං කෙරිණි. ගිරවා නිවෙසින් පිටව ගියේ යළිත් හුදෙකලා බවට පත්වෙමිණි.
Comments
Post a Comment