ඔහු වඩු කර්මාන්තයේ නියැලි මැදිවියේ පුද්ගලයකු වූ අතර බිරිය පෞද්ගලික ආයතනයක සේවය කොට කොරෝනා උවදුර නිසා ගෙදරම නතර වූ මැදිවියේ කාන්තාවකි.
ඇයට පපුවේ ආබාධයක් ඇති විය. පපුවේ වම්පස රිදෙන බවත් මෙය හෘදයා බාධයකැයි තමා සිතන බවත් කී විට සැමියා කීවේ හදවත ඇත්තේ දකුණු පස නිසා බය නැතිව තමන්ගේ වැඩක් පලක් කරන ලෙසටය. ඇය එසේ කළ අතර රෝගී තත්ත්වය කෙමෙන් අඩුවිය.
සතියකට පසුව දිනෙක ඇයට යළිත් පපුවේ වේදනාවක් ඇතිව ඒ බව සැමියාට කීවේ පපුව අතගාමිනි. මේ සැරේ නම් දකුණු පැත්ත රිදෙන්නේ ඇය දුක් බරව කීවාය.
‘පිස්සුද හදවත තියෙන්නේ වම් පැත්තේ. ඕක හදවතේ වේදනාවක් නෙවි. බය වෙන්න එපා’ සැමියා කී විට ඇය යක්ෂාරූඪ වූවාය.
වම් පැත්ත රිදෙනවා කීවම හාට් එක දකුණු පැත්තේ කිව්වා. දකුණු පැත්ත රිදෙනවා කීවම ඒක වම් පැත්තෙ කියනවා. මගේ හදවත සතිපතා ඇවිදින එකක් දැයි සැමියාගෙන් ඇසූ විට ඔහු නිරුත්තර වුනාලු.
Comments
Post a Comment