gossiplanka image 1
 


දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න අර්ධ නාගරික ප්‍රදේශයක වූ ප්‍රාථමික පාසලකි. පෙරවරුවේ පාසල් කටයුතු අවසන්ව ගේට්ටුවෙන් එළියට පැමිණි එක් දරුවකු තවත් දරුවකුට බිම දවා ගෙන පහර දුන්නේය. තම දරුවන් රැගෙන යාමේ අදිටනින් මෙහි ආ මවුපියන් විට මැදිහත් නොවුයෙන් පහර කෑ දරුවා උස් හඬින් අඬන්නට විය. මොහොනකින් එතැනට ආ මව දරුවාගෙන් ඒ ගැන විමසුවේ කෝපයෙනි. මේ වන විට පහරදුන් දරුවා මුහුණ රතු කරගෙන සිටියේ තවම කෝපය පහ නොවූ නිසාය.


පහරදුන් දරුවා දෙසට ගිය ‍මේ මව ඔහුගේ අතින් ඇදගෙන එනවිට ඒ දරුවාගේ මවද එතැනට ආවේ දැඩි  කුතුහලයෙනි. තම දරුවාට කාන්තාවක් පහර දීමට යන බව දැනගත් ඇයද ඊට මැදිහත් වීම නිසා මහත් අරගලයක් ඇති විය. එකිනෙකාගේ ඇඳුම් පවා විසිරී යන ලෙසට වූ මේ පොර බැඳීම දුටු ආරක්ෂක නිලධාරියෙකු එතනට පැමිණ දෙදෙනා දෙසට කළ විට කලින් එකිනෙකාට පහර දුන් දරුවන් දෙදෙනා අත් අල්ලාගෙන එදෙස බලා සිටියේ දැඩි විමතියකින්ලු.