gossiplanka image 1
 දැනට දශක කීපයකට පමණ පෙර මෙරට මුදල් හදල් භාවිතයේදී ඒ වන විට වටිනාකමක් තිබු සත භාගය, සතය, සත දෙක, සත පහ, සත දහය, සත විසිපහ හා සත පණහ ආදි කාසි හැම දෙනා අතරව ගැවසුන බව නොරහසකි. එහෙත් දිනෙන් දින රුපියලේ අගය අඩු වීම හේතුවෙන් එම කාසි ගෙවා ලබාගත හැකි කිසිම ද්‍රව්‍යයක් වෙළෙඳ පොළේ නොමැතිවීම නිසා එම කාසි භාවිතය මුළුමනින්ම නතරවී ඇති බව කවුරුත් දන්නා කරුණකි.


දැනට එම කාසියක් දැක බලා ගැනීම සඳහාවත් සොයා ගැනීම දුෂ්කරවී ඇත. දැනට රුපියල රුපියල්  දෙක හා රුපියල් පහේ කාසිඳ ගනුදෙනු වලදී ඇතිවීම සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. සමහරකු ඉතුරු කාසි දෙන්නේම නැත. " පව පින'' හඳුනන ඇතැම් අය ඒ වෙනුවට ටොෆි හෝ ගිනි පෙට්ටියක්

ටොෆි හතරක් ආදිය ලබාදීම සිරිතක් ලෙස කරගෙන යන බව පැහැදිලිය. දිනපතා හැන්දෑයාමේ ගමේ කඩපිලට ගොඩ වදින ඇය එදින රාත්‍රී ආහාරය සඳහා ඇවැසි කරන අඩුම කුඩුම මිලට ගැනීම පුරුද්දක් වශයෙන් කරගෙන ගියේ කාලයක පටන්ය. එදින ඇය මිලට ගත් සිල්ලර හා එළවළු ආදියට ඇය විසින් ගෙවිය යුතු මුදල රුපියල් දෙසිය හතරක් බව ගණන් බලා මුදලාලි පැවසුවේය.


වහාම රුපියල් සියයේ කොල දෙකක් හා ටොෆි හතරක් මුදාලි අතට දුන් ඇය ” මුදලාලි මය ටොෆි මුදලාලි මට ඉතුරු සල්ලිවල හිලව්වට දුන්නු ඒවා බව පවසා බඩු මල්ලද රැගෙන යන්නට ගියාය. ඊයේ ඉතුරු සල්ලි නැති නිසා ඇයට ටොපි හතරක් දුන් බව සිහියට නැගුණ මුදලාලි ඇගේ කතාව අසා කරබාගෙන ටොපි ටික බෝතලයට දමා නිහඬ වූයේය.