gossiplanka image 1
 



රෝහල් සේවකයකු වූ තම සගයා සමග පැවැති අමනාපය නිසා තම ජංගම දුරකථනය සොරකම් කළැයි ඔහු මාට්ටු කිරීමට ගොස් ලැජ්ජාවට පත්වූ හිටපු රෝහල් සේවකයකු පිළිබඳ පුවතක් සබරගමුව පළාතෙන් වාර්තා වේ.  සිද්ධිය මෙසේය.


හිටපු රෝහල් සේවකයා ඔහු සමඟ අමනාප වී ඇත. පසුව කවදා හෝ මොහුගෙන් පළි ගැනීමට ඔහු සිතා සිටි අතර එම දිනය උදා විය.

ඒ ඔහු අසනීපයකට රෝහලට ඇතුළත් වීමෙන් පසුව හිටි හැටියේම තම වටිනා ජංගම දුරකථනය නැතිවූ බව පවසා මෙය සොරාගෙන ඇත්තේ ඉහත කී තමන් සමග අමනාප පුද්ගලයා බව රෝහල් සේවකයන්ට පැවසීය. මේ නිසා චෝදනාවට ලක් වූ අනෙක් රෝහල් සේවකයා බලවත් අපහසුතාවට පත් විය.


රෝහලේ ප්‍රධාන හෙද පාලිකාව විසින් සිද්ධියට මැදිහත්ව හිටපු රෝහල් සේවකයා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ කොට උරයේ සඟවාගෙන තිබූ ජංගම දුරකතනය හමුවී ඇත. ඔහු පැවසූ තරම් වටිනාකමකින් තොර වූ ජංගම දුරකතනය හා සිද්ධිය සැලවීමෙන් තමන් පැමිණි රෝගය ද සනීප වී රෝහලේ කාටත් හොරා ඔහු ගෙදර ගිහින්හු.