පෙම්වතිය හමුවීමට ගොස් නින්ද යාම නිසා රැය පහන් වීමට පෙර පිටව යාමට නොහැකිව ඇඳ යට නිදා සිටියදී අත්තම්මාට හමු වූ පෙම්වතකු පොලිසියට බාරදීමේ පුවතක් පොලිසියෙන් වාර්තා වේ. මෙම යුවළ වයස අවුරුදු පහළොවක, පසුවන පාසල් දරුවන් වන අතර, පිරිමි දරුවාගේ නොමනා ක්‍රියා හේතුවෙන් පාසලෙන් අස් කළ අයකු බවද පොලිසිය කියයි.
දැරියගේ අත්තම්මා ස්වයං රැකියාවක් සඳහා දිනපතා අවදි වීම පුරුද්දකි. වෙනදා මෙන් දැරිය උදව්වට නොපැමිණීම නිසා උදෑසන කාමරයට එබි බලද්දී දැරිය ඇඳ උඩද, පිටස්තරින් පැමිණි අයකු ඇඳ යටද නිදා සිටිනු දැක තරු විසි වුණු අත්තම්මා. හනික නිවැසියන් සමග එක්ව දෙදෙනාම අවදි කරවාගෙන හොඳ හැටි සලකා පොලිසියට බාරදී ඇති බව කියයි.
පැමිණීමට හේතුව කුමක්දැයි තරුණයාගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ පෙර දින රාත්‍රී තම පෙම්වතියගේ දුරකතනයෙන් කළ ආරාධනයකට අනුව ඇය හමුවීමට පැමිණි බවත් දෙදෙනාටම නින්ද යාම නිසා පිටව යාමට නොහැකි වූ බවත්ය.
මිට මාසයකට පමණ පෙර රාත්‍රියකද මොහු පැමිණ හසු වී පොලිසියට බාරදුන් අතර, පාසල් දරුවන් නිසා පළමු වරට තරයේ අවවාද කොට නිදහස් කළ බව පොලිසිය කියයි. දැරියගේ මව විදේශගත වීම නිසා පියාගේ මවගේ ළඟ දැරිය හැදි වැඩී ඇති අතර පියා සහ පියාගේ සොහොයුරාද එකම ඉඩමේ පදිංචිව සිටින බව කියති. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment