gossiplanka image 1
 


මාස කීපයක සිට සැමියා සමග අමනාපයෙන් සිටි බිරිඳක් අමනාප වී ඇගේ ගමට ගොස් ආපසු නොපැමිණීම නිසා කළකිරීමට පත් සැමියා එයට විරෝධය පෑමට පුරා සතියක් ආහාර ගැනීමෙන් වැළකී සිටි පුවතක් පිළිබඳ වාර්තා වේ. අසන්නට ලැබුණු පරිදි සිද්ධිය මෙසේය. මේ සිද්ධිය අසන්නට ලැබුණේ බිංගිරියට ආසන්න ප්‍රදේශයකිනි. පෞද්ගලික හේතුවක් මුල් කර  ගෙන  ස්වාමි පුරුෂයා සමග උරණ වී සිටි බිරිඳ ස්වාමි පුරුෂයාට  හොර රහසේ ඇගේ ගම්  ප්‍රදේශයට සිය  දරුවාද රැගෙන ගියාය.


මේ හේතුවෙන් ස්වාමි පුරුෂයාට මහත් පාළුවක් දැනුණි. ඔහුට රැකියාවට යාමටවත් සිත ඉඩ නොදුන් අතර, ආහාරපාන ගැනීමද ඔහු අත්හැර දැමුවේය. බිරිඳ හා දරුවා ගැන ඔහු හැම විටම කල්පනා කළේය. තමන් අසරණ වී ඇති බවට බිරිඳට දුරකතන ඇමතුම් ලබා දුන්නත් එයින්ද පලක් නොවීය. ආහාර නොගෙන සිටිම ඔහුට සාමාන්‍ය දෙයක් බවට පත්විය. අසල්වැසියන් ද මේ කාරණය ගැන හොඳින් දැන සිටියේය. අසල්වැසියන් කීප දෙනෙක්ම ස්වාමිපුරුෂයාට බිරිඳගේ ගම් ප්‍රදේශයට ගොස් හේතුව පැහැදිලි කොට බිරිඳව කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ස්වාමිපුරුෂයා බිරිඳගේ ගමට ගොස් ඇයව නිවස වෙත කැඳවාගෙන පැමිණි පසුව ස්වාමිපුරුෂයා ආහාර ගැනීම යළි ආරම්භ කළේය.