යකෙකු යැයි රැවටී රාත්‍රී කාලයේ තම් නැන්දම්මාට රත් වූ යකඩ පහරක් දුන් බෑනා කෙනෙකු පිළිබඳව පුවතක් සබරගමුව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු හොල්මන් වලට මහත් බිය පුද්ගලයෙකි. විවාහ වී සිටියත් දරුමල්ලන් නොමැත. දිනක් නම් බිරිඳ රෝහල්ගත වූ අතර, මොහුට තම නිවසේ සිටීමට සිදු වී ඇත්තේ තනිවමය. හොල්මන්වලට බිය නිසා හොල්මන් පැමිණියොත් කරන්නේ කුමක් දැයි යහළුවෙකුගෙන් අසා ඇත. ඔහු කියා ඇත්තේ පැමිණි විට රන් වූ යකඩ පොල්ලකින් පහර දීමෙන් හොල්මන් පලවාහැරිය හැකි බවය.කෙසේ වෙතත් බිරිඳගේ මව ඇය බැලීමට රෝහලට ගිය පසු ඇය පවසා ඇත්තේ ඔහු බිය නිසා එදින ඇගේ ගෙදර ගොස් නවතින ලෙසය. එවිට ඇයගේ මව පවසා අත්තේ එදින රාත්‍රි පිරිත් ගෙයක් ඇති බැවින් එයට සහභාහි වී රාත්‍රී කාලයේ නිවසට යා හැකි බවය.
මේ අතර සැමියා විසින් තම් මිතුරා දුන් උපදෙස් පිළිබඳව සිතා හැන්දෑවරුවේ සිට යකඩ පොල්ලක් ළිපේ තබා විටින් විට ගින්දර දම්මින් රත්කර ඇත. ඔහුට රාත්‍රියේ නින්ද නොගිය අතර, මධ්‍යම රාත්‍රියේදී ගෙදර දොරට කිසිවකු තට්ටු කරනු ඇසී දෙවියන් සිහි විය. හිමිහිට කුස්සියට රිංගු ඔහු රත් වී රතු පැහැ ගැන්වුණු යකට පොල්ල ගෙන දොර ඇර පැමිණ සිටි ඇය දෙස නොබලා නැන්දම්මාට පොලු පහර දී ඇත. බුදු අම්මෝ යි කෑ ගසමින් වයසක නැන්දම්මා සිහි නැති වූ අතර, පසුව ඇයවත් රෝහල් ගත කළාලු.
Comments
Post a Comment