වැරැදී දුරකතන ඇමතුමක් උපයෝගි කරගෙන තරුණියකට බලෙන් පෙම්කිරීමට උත්සාහ කළ තරුණයෙක් වැසිකිළි කාමරයක හිරවී සිට පලායෑමට සිදුවූ පුවතක් අසල ගමකින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඇය පාසල් අධ්‍යාපනය නිම වී නිවසේ සිටි තරුණියකි. මවුපියන්ගේ කැමැත්ත ඇතිව විවාහ වීමට පෙම්වතෙක් ද සිටී. දිනක් ඇය හදිසියේම ගත් දුරකතන ඇමතුමක් අංකය වැරදි තරුණයෙකු සම්බන්ධ වී තිබේ. අංකය වැරදුණ බව තේරුම් ගත් ඇය ඒ බව කියා ඇමතුම් විසන්ධි කළාය. තරුණියගේ කටහඬට වහි වූ ඔහු තම් දුරකතනයේ සටහන් වූ අංකයට ඇමතුමක් ගෙන විස්තර විමසා ඇත. තමා අතින් වැරදිමක් සිදු වූ බව ඇය කියා සිටියත් තරුණයාගෙන් ගැලවීමක් නොවීය.
ඔහු නිතරම ඇය අමතන්නට විය. ගැලවීමක් නැති තැන සිද්ධිය නම් පෙම්වතාට දැන්වුවාය. තරුණයාට හොඳ පාඩමක් උගැන්වීම ඔවුන්ගේ සැලසුම විය. තරුණිය ඔහුට තම නිවසට පැමිණීමට දිනයක් දුන්නාය. මෙම ආරාධනයෙන් වර්ග වූ තරුණයා ජැන්ඩියට ඇඳ පැළඳගෙන ඇගේ නිවසට පැමිණ තිබේ. ටික වේලාවක් කතා කරමින් සිටි තරුණිය හදිසියේම කලබල වී නිවසට කවුදෝ එන බව කියා. ඔහුට වසන් වීමට වැසිකිළි කාමරයේ දොර විවෘත කර දී එහි ඇතුළු වූ පසු දොර වසා පිටතින් අගුලු දමා තිබේ. වෙනත් කාමරයක සැඟවී සිටි පෙම්වතා අසල් වැසියන් කීපදෙනෙකු සමඟ පැමිණ තරුණයා පිටතට ගෙන ඇත. තරුණියගේ උගුලට හසු වූ බව තේරුම් ගත් ඔහු වැඳ සමාව ගෙන මින් පසු කිසි දිනක එවැනි වැරැදි නොකරන බවට දිවුරා පොරොන්දු වී ගැලවී ගියේ රැස්ව සිටි අයගේ සිනා හඬ මැදය.
Comments
Post a Comment