උපන් දිනය නිමිත්තෙන් දහසින් බැඳි පියලි විසි කරමින් කා බි විනෝද වන බොහෝ පිරිසක් ඉන්නා අපේ රටේ සිය උපන් දිනය දා තම පෞද්ගලික ධනය වැය කොට බලපිටිය මුලික රෝහලේ ළමා වාට්ටුවට රෝගීන් රැගෙන යන ට්‍රොලියක් පරිත්‍යාග කිරිමට සීනිගම් ගුණ ජය සතුට පදනමේ සාමාන්‍යාධිකාරි විරාජ සම්පත් මහතා පියවර ගත්තේය. බලපිටිය මුලික රෝහලේ ළමා වාට්ටුවට ට්‍රොලියක අවශ්‍යතාව තිබුණේ කාලයක පටන්මය. ට්‍රොලියක් නොමැතිකම නිසා එම රෝහලේ ළමා වාට්ටුවේ ඇවිදගෙන හෝ රෝද පුටුවෙන් වාඩි වී යාමට නොහැකි වන සේ ගිලන් වෙන ළමා රෝගීන් එක්ස්රේ කාමරයට, ශල්‍යාගාරයට ගෙන යාමට රෝහල් කාර්ය මණ්ඩලයට දරන්නට සිදු වුයේ මහත් පරිශ්‍රමයකි.
මෙ නිසාම මේ රෝහලේ ළමා වාට්ටුවට අවශ්‍ය ට්‍රොලියක් ලබාදෙන ලෙස බලපිටිය මුලික රෝහල් කමිටුවේ සාමාජික මාධ්‍යවේදී දිලිප් නිශ්ශංක මහතා තමාගේ හොඳ හිතවතකු වන විරාජ සම්පත් මහතාගෙන් ඉල්ලා ඇත. එම සත් කාර්යයට එක පයින්ම කැමැති වූ විරාජ සම්පත් මහතා පස්ස බැලුවේ ළමා වාට්ටුවට අවශ්‍ය ට්‍රොලියක් මිලදී ගෙනය. ඔහු මිලදී ගත් එම ට්‍රොලිය බලපිටිය මුලික රෝහලේ ළමා වාට්ටුවට සිය උපන් දිනයට භාර දුන්නේ සිහිවටනයක් ලෙසය. එසේ නොමැති නම් නොමැකෙන සමරුවක් ලෙසය. සිය උපන් දිනය දා සිදු කළ මේ සකාර්යය දිගටම කරගෙන යනු ලබන බවත් විරාජ් සහපත් මහතා කීවේ ඉතා නිහතමානීවය. සිය උපන් දිනය දා මෙවැනි සත් කාරියයන් කළ විරාජ සම්පත් වැනි මහත්වරුන්ගෙන් අප රටට ගමට ලැබෙන ආදර්ශය මෙතෙකැයි ලඝු කොට නම් සිතිය නොහැකිය.
Comments
Post a Comment