gossiplanka image 1
 


පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරියෙක් රාත්‍රී සේවය නිමා වී නිවසට යැම සඳහා උදේ හතට බස් නැවතුම වෙත පිය නැගීය. ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේ සංචාරක නිලධාරියාගෙනි.” ඔව් සර් මම හෙට එනවා ̈ ආරක්ෂක නිලධාරියා පැවසුවා පමණි. වේගයෙන් යතුරුපැදියක පැමිණි අයෙක් ජංගම දුරකතනය උදුරාගෙන නොපෙනී ගියේය.


අයියෝ මගේ ෆෝන් එක” ආරක්ෂක නිලධාරියාට කෑ ගැසිණි. කුමක් කළ යුතු දැයි කල්පනා කළ ඔහු කිලෝමීටරයක් දුර පයින්ම ගොස් මිතුරකුගේ නිවසට පැමිණියේය. මගේ ෆෝන් එක බයික් කාරයෙක් උදුරන් ගියා” යනුවෙන් මිතුරාට පැවසූ හෙතෙම මිතුරාගේ ජංගම දුරකතනයෙන් තම ජංගම දුරකතනයට ඇමතුමක් ගත් විට,


කව්ද ද කතා කරන්නේ” යනුවෙන් ප්‍රශ්න කෙරිණි. ” ඔය ෆෝන් එක පරණ ලඩයක්නේ. රුපියල් සියකටවත් දෙන්න බැහැ හොරා පැවසීය.

අපිට කොහෙන්ද අලුත් ඒවා ගන්න සල්ලි පඩියෙන් භාගයක්ම ණයවලට කැපෙනවා. අනේ මල්ලී මගේ ෆෝන් එක මට දෙන්න. ආරක්ෂක නිලධාරියා දුක්මුසුව පැවසීය. දැන් කොතැනද ඉන්නේ හොරා විමසීය. ආරක්ෂක නිලධාරියා ස්ථානය පැවසූ විට පාර දිගේ සේසරහට එන්න හොරාගේ උපදෙස විය. ආරක්ෂක නිලධාරියා ඉදිරියට එන විට යතුරුපැදිකරුවෙක් ඇත සිට දුරකතනය පෙන්වා එය පාර අයිනේ තබා ගියේය. කව්රු උනත් සාධාරණ හොරෙක් ආරක්ෂක නිලධාරියා පසුව පැවසීය. වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.