ශෛලමය පිළිම, ස්මාරක වැනි දේ නිපදවන ස්ථානයකි. මෙහි පිළිම, ස්මාරක ආදිය රුපියල් ලක්ෂ ගණනින් මිල කෙරේ. ආරක්ෂකයාට මිසකට වැටුප දොළොස් දහසකැයි කියති. ඔහු රාජකාරීය අකුරට ඉටු කරන්නෙකි. ඔහු ආයතනයේ ගේපිටුව අසළට වී පාර දෙසට රවාගෙන සිටියේ තමා නිදිවරාගෙන සිටින්නේ පාර දිගේ එන සොරුන්ගෙන් මෙම පිළිම ස්මාරක රැක ගැනීමට නිසයි. ආයතනයේ තැන තැන ආරක්ෂිත කැමරාද සටිකර ඇත. ආරක්ෂිත කැමරාවලට වඩා ආරක්ෂකයාට ඔහුගේ ඉරි තැළි ගිය වීදුරුව සහිත උපැස් යුවළ විශ්වාසය.
දඩ දඩා....න් ආරක්ෂකයා උඩගොස් බිම වැටුණි. ආයතනයේ තිබූ ලක්ෂ දෙකක් මිළ කෙරුණු ස්මාරකය තවත් ශෛලමය නිපැයුමක් චීන මහ හඬ නගමින් පෙරළි ගියේය. ස්මාරකයද පිළිමයද තුන හතරට කැඩී ගියේය. අයිතිකරුට ලක්ෂ දෙකකට අධික අලාභයකි. ආරක්ෂකයා බියට පත්විය. හෙට උදේ ළොක්කා ආවම මොකද කියන්නෙ. ඔහු තමාටම කියා ගත්තේය. අයිතිකරු පසුදා අලුයමින් පැමිණෙනු ඇත. ආරක්ෂකයා දස අතේ කල්පනා කළේය.
බැරිම තැන ඔහු අයිතිකරු එන්නට පෙර පිටවී ගියේ යළි නොඑන්නටය. ආරක්ෂකයා කොත්දැයි එහි අයිතිකරු තවමත් සොයයි. ඔහුට ස්මාරකයන් පිළිමයන් රැකවළාන් සියල්ලම අහිමි වි ඇත.
Comments
Post a Comment