gossiplanka image 1
 තුන් කෝරළයේ ප්‍රසිද්ධ නගරයක බස් මගී ආවරණයක් යටට පැමිණි අන්ධ යාචක පුද්ගලයෙක් සැරයටියෙන් මයි ආවරණයේ දිරච්ච තහඩුවට තට්ටු කරමින් ගීතයක් මිහිරි  හඬින් ගයන්නට විය.


"මිදුලේ සුදු වැළි තලයේ මිරිවැඩි සඟලක සලකුණු......


මේ දෙස බලා සිටි වැදගත් මහත්මයෙක් මෙන්න මගෙන් සුලු ආධාරයක් යයි කියමින් රුපියල් පනහක නෝට්ටුවක් යාචක පුද්ගලයා අත තැබීය.


"පිංසිද්ධ වෙයි බුදු මහත්තයාට. වැඩි වැඩියෙන් තව තව  ලැබෙන්න ඕනෑ. මහත්තයා  කීයක්ද මීට දුන්නේ කරුණාකරල කියල යන්න...


දුන්න ගාන වැඩක් නෑ. කීයක් දුන්නත් සතුටින් බාරගන්න එපායෑ.”


"එහෙම බෑ මහත්තයෝ මහත්තයා දුන්න ගාන කියල යන්න. කියන්න බැරිනම් සල්ලිත් එපා.

"නැති බැරිකමට හිගා කෑවට මාත් ආත්ම ගෞරවයක් ඇති මිනිහෙක්

"මෙන් මහත්තයා දුන්න සල්ලි අරන් යන්න.


යාචක පුද්ගලයා කේන්තියෙන් යුතුව තම  ලොගුවේ තිබු රුපියල් පනහේ නෝට්ටුව ආපසු දුන්නේය.


රුපියල් පනහේ නෝට්ටුව සාක්කුවේ දමාගත් පුද්ගලයා වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ වැඩක් මට වුණේ යයි කියමින් වටපිට බලමින් බස් රථයකට ගොඩ විය