gossiplanka image 1
 



දකුණු පළාතේ කඳුකර ගම් ප්‍රදේශයක පැවැති මංගල සාදයකි. උදෑසන නවය, දහය වන විට ඥාති හිත මිතුරන්ගෙන් නිවස පිරී ඉතිරි යන්නට විය.

නිවසේ සහ මුලිකයා හෙවත් මනමාල මහත්මියගේ පියා මධුවිතට බෙහෙවින් ලොල් අයෙකු වුවත් මංගල උත්සවය සම්පුර්ණයෙන්ම මත් පැනෙන් තොරව පවත්වන්නට තීරණය වී තිබුණේ මනාලියගේ සහ ඇයගේ මවගේ දැඩි අවශ්‍යතාව පරිදිය. මුල පටන්ම මෙම තීරණයට ගෘහ මුලිකයා විරෝධය දැක්වුවත් ඔහුට ඊට එරෙහිව කළ හැකි දෙයක් නොවීය. කෙසේ වෙතත් දිවා භෝජන සංග්‍රහයට ආරාධනා කළ අවස්ථාවේ පටන් වෙනදා එකට කන බොන මිතුරන්ගෙන් එල්ල වු විවිධ ඇනුම් පද හේතුවෙන් ඔහු බලවත් අපහසුවට  පත්විය.


කෑමට පෙර තොලකට තෙමා ගැනිමේ බලවත් අවශ්‍යතාව ඔහුට ද දැනෙන්නට වුයෙන් පෙර කී  මිතුරන්ද සමඟ නිවසට තරමක් ඈතින් පිහිටි හොර පොළොක් වෙන ගොස් සිතැගි පරිදි සප්පායම් වුහ. මේ වන විට දිවා භෝජන සංග්‍රහය අවසන් වෙමින් පැවැති අතර මංගල සභාව පැවැත්වීම් සඳහා සියල්ල සුදානම් වෙමින් පැවතිණ. සභාවේ ඉදිරියෙන්ම මනාලියගේ සහ මනාලයාගේ මවුපියන් සඳහා ආසන පනවා තිබු අතර මනාලියගේ පියාගේ ආසනය සභාවේ කටයුතු ආරම්භ වන විටත් හිස්ව තිබිණි.


ඔහුගේ ළගම මිත්‍රයෙකු ඔහු සිටින ස්ථානය සොයා ගොස් ඉක්මනින් ගොස් සභාවේ අසුන් ගන්නා ලෙස සැලකර සිටියේය. එහෙත්  ඔහු පවසා ඇත්තේ "අනේ බුදු මචං මම වෙනුවට උඹ ඒ පුටුවෙන් වාඩි වෙලා හිටපන්" කියා ලු. කෙසේ වෙතත් මිත්‍රයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙන් මංගල සභාවේ කටයුතු අවසන් වන තෙක් මනාලියගේ පියාගේ අසුන හිස්ව තිබුණා ලු.