gossiplanka image 1
 



අගනුවරට ආසන්න එළිමහන් සංගීත සන්දර්ශන නිතර පැවැත්වෙන ක්‍රීඩා පිටියකි. එහි එන සංගීත ලෝලින් සඳහා වූ ආපන ශාලා කීපයක් ද අවට වූ අතර ඉන් සමහරක  සංගීතයට ලැදි පිරිසට මෙන්ම මතට ලැදි  පිරිසට මත්ද්‍රව්‍ය ද  රහසේ බෙදාහැරුණි. පසුගියදා සංගීත කණ්ඩායමක් එහි ආවේ  සංවිධායකවරයකුගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සැන්දෑවේ එහි පැමිණි සංගීත වාදක කණ්ඩායම්  උපකරණ සුසර කිරීමට තැත් කළ අතර ගැට බෙරයකට තට්ටුවක් දැමීමට කුඩා  මිටියක් උවමනා විය.


සංවිධායකවරයාට ඒ ගැන කී විටි ඔහු තරුණයකුට කීවේ අසල කඩේකට ගොස් අඩු මිටියක් ගෙනෙන ලෙසටය.  ආපන ශාලාවකට ගිය තරුණයා අඩු මිටියක් ඉල්ලූ විට එහි සිටි පුද්ගලයකු අඩ සිනාවක් පා ඇතුළට ගොස් යමක් කඩදාසියක ඔතා ඔහුට දුන්නේ රුපියල් දෙසීයක් ගෙවන ලෙස දන්වමිනි. එය ලිහා බැලු තරුණයාට තරු පෙණුනේ මේ ගාංජා මිටියක් බව දැණුන හෙයිනි. කඩ හිමියාට අඩුමිටිය යන්න ඇසී තිබුණේ  බඩු මිටියක් ලෙසට ලු.