බීමතින් රෑ සිය නිවසට යාමට යයි කියමින් පාර මැදට පැන වැනි වැනි පාරේ යන වන වාහනවලට අත දමමින් සිටි තරුණයෙකුට විඳින්නට සිදුවූ අපූරු දඬුවමක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ. හේ කන පැලෙන්න බීවේය. අඩ අඳුරේ පටන්ගත් බිම මධ්‍යම රාත්‍රිය දක්වාද පැවතියේ ඔහු බිමට තිබූ කන්දරකර්ම නිසාමය. හොඳටම රෑ බෝටී තිබිණි. හොඳටම වෙරි මතින් සිටි ඔහුට ගෙදර ගැන සිහි වූයේ මේ අතරවාරයේය. බිබී සිටි තැනින් නගිට ගත් හේ සිය නිවසට යාමට පාරට පැමිණියේය. ඒ වන විට එහි ප්‍රවාහන සේවා බස්රථද දවසේ ගමන්වාර නිමාකොට තිබිණ.
මේ නිසාම තේ පාර මැද වැනි වැනි තමන් යාමට අපේක්ෂා කළ අන්තයට ගමන් ගත් රථවාහන වලට අත දැම්මේය. ඒ කිසි වාහනයක් ඔහු ඉදිරියේ නොනැවතුනේ මේ බේබදු තරුණයා රැගෙන යාමෙන් තමන්ට කරදරයක් වේ යැයි එම රථවල රියදුරන් සිතූ නිසා වන්නට ඇත. මේ අල්ලපනල්ලේ ඔහු යාමට සිටි අන්තයට යන ත්‍රීරෝද රථයක් පැමිණියේය. පාර මැද වැනි වැනි සිටි සිහු පුරුද්දට මෙන් මේ ත්‍රිරෝද රථයටද අත දැම්මේය. මෙතෙක් වේලාවක් තමන්ගේ අත වැනීමට කිසිදු වාහනයක් නතර නොකළද මේ ත්‍රිරෝද රථය පමණක් ඔහුගේ සංඥාවට නැවැත්තුවේය. නැවැත් වූ ඒ ත්‍රිරෝද රථයේ සිටියේ තරුණ පිරිසකි. බීමතින් සිටි ඔහු අනේ චංලා මමත් ඉස්සරහට දාගෙන පළයල්ලා යයි ඉල්ලුවේය.
එහි සිටි තරුණයින් එවිට "හරි හරි යමං මචං ඔබ අපි ඉස්සරහට නෙමෙයි හොඳම තැනට ගෙනියන්නම් නැගපං නැගපං කියා කීවේය. වෙරි මරගාතේ ත්‍රිරෝදයට නැග ඔහු එහි සිටි තරුණයින්ගේ ඇඟ මතට කඩා වැටුණේය. ඒවං එම අද කන පන්සලන්න බීටිවා. මේ කාළේ බොන්නෙ නැති බිම් කවදද බොන්නේ නේද ඒචං කීවේය. ඔව්...ඔටි මචං මේ කාළෙ නමයි හොඳට බොන්න ඕන. බීල විතරක් මදි හොඳ බයිට් එකකුත් ගන්න ඕන. අපි මචං උඹට අපේ ගානේ බයිට් එක දෙන්නම් ” යයි තරුණයෝ කීහ. අන්න මිනිස්සු, අන්ත යහළුවෝ නේද මචං යයි ඔහු කීවේය.
අපි එහෙම තමයි සුදුසු අයට සුදුසු දේ දෙන මිනිස්සුනේ යයි තරුණයෝ පෙරළා කීහ. ඔහු ත්‍රිරෝද රථය නතර කරන තැන කීව ද ත්‍රිරෝද රථය එය නතර නොකෙරුණු නිසා ඔහු ඒ ගැන තරුණයින්ගෙන් විමසීය. ඇයි ඒවං උඹට අමතකද අපි කිටි වනේ අපේ ගානේ හොඳ බයිට් එකක් අරන් දෙනවා කියළා. ඒක අරන් දෙන්නයි යන්නේ”
හා... ඒකත් එහෙමද? උඹලා නම් යහළුවෝ නෙමෙයි දෙවියෝ. අන්න මිනිස්සු, අන්න යහළුවෝ යයි කියමින් දොඩව දොඩවා පැමිණියේය. තමන් පැමිණි ත්‍රිරෝද රථය අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට හර වෙනු දුටු ඔහු ඒ ගැන විමසීය.
කොහේද මචං මේ පොලිසියට යන්නේ යැයි ඇසීය. අපි අර දෙනවයි කිටිව බයිට් ඒක දෙන්නනේ එක්ක යන්නේ තරුණයින් කීවේය. වැඩේ වැරදුණු බව දැනගත් ඔහුගේ වෙරි හිඳී ගියේය. නමින් මේ පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමෙන් සිටි පොළිස් නිළධාරීන් සමග බව ඔහුට ඒත්තු ගියේය. කරන්නට කියන්නට කිසිවක් නැති ඔහුට එදා රාත්‍රියේම පොලිස් කූඩුපිටි ළඟින්නට සිදු වූයේය. ඔහු අත දමා ඇත්තේ ත්‍රිරෝද රථයකින් සිටිල් ඇඳුමින් වටලීමකට ගොස් එන නිළධාරීන් පිරිසකට ය.
Comments
Post a Comment