gossiplanka image 1
 


හැටන් කොළඹ මාර්ගය මධ්‍යයේ පිහිටි ප්‍රධාන නගරයකි. එහි ප්‍රසිද්ධ හෝටලයක් ඉදිරිපිටට යාචකයෙක් පැමිණියේය. ඔහු දින කිපයක් තිස්සේ නිසි කෑමක්-බිමක් නොමැතිව සිටින කෙනකු බව පෙනුණි.


" අනේ බුදු මහත්තයෝ මට කෑමට යමක් දෙන්න. මම ඊයේ රෑට කෑවට පස්සේ කවම මොකවත් කැටේ නෑ”


කාරුණික හෝටල් හිමිකරු කඩිනමින් සේවකයෙකුට කතා කොට පාන් බාගයක් පරිප්පු හොදි කවරයක් ද සමග පාර්සල් කොට ගෙන්වා ගෙන යාචකයා අත තැබීය. පිං අයිති වෙයි. මොනවද මහත්තයෝ පාර්සලේ

තියෙන්නේ.


පාන් භාගයකුයි පරිප්පු හොදි ටිකකුයි පාර්සල් කළා. හෝටල් හිමිකරු කීය.


" මහත්තයෝ මම පරිප්පු හොදි කන්නේ නෑ- පුළුවන්නම් මට මස් හොඳි ටිකක් දාලා දෙන්න.


" මගේ හෝටලයේ කවදාවත් මස් උයලත් නෑ. උයන්නෙත් නෑ. එහෙව් එකේ ඔහේට මස් හොදි කොහොමද මං දෙන්නේ.


" මහත්තයෝ එහෙනම් පාන් මට එපා. මම කවදාවත් මස් හොදි නැතිව පාන් කාලා නෑ '' යාචක පුද්ගලයා පාර්සලය හෝටලයේ පුටුවක් මතට දමා ද්වෙගයෙන් යන්නට ගියේය.


අනේ කාලේ වනේ වාසේ අද කාලේ හිඟන්නන්ටත් ගිය කලක්  හෝටල් හිමිකරු  කමුලේ අත තබාගෙන සේවකයා දෙසට හැරෙමින් පැවසීය