gossiplanka image 1
 


රුපියල් 24,500ක මුදලක් බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු වටිනා ලිය කියවිලි රැසක් සමග මහ මග වැටී තිබූ මුදල් පසුම්බියක් නියම අයිතිකරු සොයා බාරදීමට අම්බලන්ගොඩ නගර සභාවේ සේවකයෙකු වන මදුරුවේ පදිංචි සම්පත් චම්පික මහතා පියවර ගත්තේය.


මහමග වැටී තිබු මේ මුදල් පසුම්බියේ අයිතිකරු වුයේ අබලන්ගොඩ මාළු ව්‍යාපාරිකයෙකි.  ඔහු සිය අවශ්‍යතාවකට අම්බලන්ගොඩ නගරයට පැමිණි අවස්ථාවේ අත්වැරදීමකින් නොදැනුවත්වම ඔහුගේ කලිසම් සාක්කුවෙන් මේ මුදල්  පසුම්බිය බිමට වැටී ඇත. සම්පත් මහතා සිය ගම් පළාතේ සිට රැකියාව සඳහා අම්බලන්ගොඩ නගර සභාව වෙත එමින් සිටියදි මහ පාර මැද වැටී තිබූ මුදල් පසුම්බියක් වෙන ඔහුගේ නෙත ගැටුණේය. වහාම එය අහුලාගත් ඔහු මුදල් පසුම්බිය විවෘත කර එය තුළට දෑස යොමු කළේ එහි අයිතිකරු කවුරුන්ද යන්න  සොයා ගැනීමටය.


ඒ සමගම එහි රුපියල් දාහේ නෝට්ටු කිහිපයක් හා බැංකු කිහිපය කම් ක්‍රෙඩිට් කාපත් කිහිපයක් ඇතුළු වටිනා ලියකියවිලි රැසක්ම එහි තිබෙන බව සම්පත් මහතා දුටුවේය. එය විවෘත කර බලා පැවසු මේ මාළු ව්‍යාපාරික මහතා සිය මුදල් පසුම්බිය සම්පත් මහතා අතින් ලබා ගත්තේ ඔහුට මුව නොසෑහෙන සේ ස්තූති කරමිනි.