ඔහු අගනුවරට නුදුරු, බුදුන් වැඩි පුරවරයක සිටින, උපකාරක පන්ති පිළිබඳව ඉතා සුප්‍රසිද්ධ ගණිතය දේශකවරයෙකි. මේ දිනවල නිවසක් ඉදිකිරීම හේතුවෙන්, ආර්ථිකය ඉතා පහළ මට්ටමක පවතින හෙයින්, අවසානයේ ඉතිරි වී ඇති, තම් නගරයේ රාජ්‍ය බැංකුවක තිබු ඉතිරි කිරීමේ ගිණුම්ද වසා දමා එහි ඉතිරිව ඇති මුදල වන රුපියල් දහදාහක පමණ මුදල ලබා ගැනීමේ අදහසින් තම පන්තියකට යන අතරතුර, සිය බිරිද සමගින් එම බැංකුවට ගොඩවිය.
එහි ස්ථාවර බැංකු අයිරාව පියවොගන ඉතිරි මුදල වන මුදල ලබාගැනීම වෙනුවෙන් හා සුළු මුදලක් යොදා තවත් තව ඉතිරි කිරීම් ගිණුමක් ආරක්ෂා කිරීමටද කටයුතු කරන බැංකු සේවක මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ කටයුතුවලින් පසු අවසාන කවුන්ටරයෙන්, සිය මුදල් සහිත පාස්පොත සමග නව පාස්පොත ද සගන තම පන්තියට යාමට ඉතාම ප්‍රමාද වී තිබූ හෙයින්, තම බිරිඳද සමඟ ප්‍රතිතියේ සිය මෝටර් රථය වෙත පැමිණි තම බිරිද අත යම්කිසි මුදලක් සිය නිවස වෙත යැවීම සඳහා පොත දිගහැර බැලීය. ඔහුගේ මෙන්ම ඇයගේ ද ඇස් උඩ ගියේ එහි ඇති මුදල් ප්‍රමාණය දැකීමෙනි. මුදල් ගන්න බැලූ විට එහි තිබු මුදල් ප්‍රමාණය රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසකට ද වඩා වැඩි මුදලකි. බැංකු අයිරා මුදල් ලේඛනවල අඩු කළද අවසන් කවුන්ටරයෙන් පොතෙහි සඳහන්ව තිබු සියලුම මුදල් ඔහු වෙත ලබාදී ඇත.
පන්තියට යාමටද බොහෝ ප්‍රමාද වී තිබුණිද ඔහු නැවතත් බැංකුව තුළට සිය බිරිදසමඟ හැකි ඉක්මනින් ගමන් කොට නිළධාරිනියකට මුදල් සියල්ල ලබා දුන්හ. එම නිලධාරිනිය වික්ෂිප්ත වුවාය. ස්තුතියි. කීවේ නැත. ඔබතුමාට ගොඩාක් පින් යනුවෙන් පැවසීය. නිළධාරීනිය අසලට ගොස් මේ බව කියා හැකි ඉක්මනින් නැවතත් ඔහුට අදාළ මුදල වන රුපියල් නවදහස් ගණනක් නැවත ඔහුගේ අත තැබීය. ඔබට ගොඩක් පින් යනුවෙන් පස් වතාවක් පමණ ඇය කීවාය. රාජ්‍ය මුදල් හෝ පොදු මුදල් රැක ගැනීමට බලා සිටින්නා වූ මිනිසුන් සිටින මෙවන් යුගයක, මෙවැනි, ගුණයහපත් මහත්වරුන් පිළිබඳව කතාකරන කළ අද රටේ සිය ගණනක් සම්මාන උසත්‍රවල් පවෙද්දී සම්මාන ලබාදිය යුත්තේ මෙවන්නවුන්ට නොවේද?
Comments
Post a Comment