gossiplanka image 1
  

 


මධු විතෙන් හොදහැටි සප්පායම් වී සිටින මෙහොතක තම කකුලට දෂ්ඨ කිරීමට සැරසුන විෂඝෝර සර්පයකුගෙන් තමන් බේරාගත් පුද්ගලයකුට ගුටිබැට දීමට සුදානම් වු මිතුරකු පිළිබඳව පුවතක් වයඹ පළාතේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබුණි.  සිද්ධිය මෙසේය. වයඹ පළාත් ප්‍රධාන නගර දෙකෙන් එකකි. කතා නායකයා එම නගරාසන්නද්ධ පදිංචිව සිටින කලාවට සම්බන්ධ තරතික් ප්‍රසිද්ධ පුද්ගගයෙකි.


දිනක් ඔහු තම  මිතුරන් කිහිප දෙනකු සමග නගරයට මඳක් ඔබ්බෙන්  පිහිටි වැවක් අසළට ගියේ නිදහස් මධුවිත බිඳක් තොලගැමටය.  තම නවීන පන්නයේ මෝටර් රථය වැව අසළ නවත්වා මිතුරන්ද සග තගින් ගගා ඔපැණි බෝතලය කඩා සප්පායම් වුයේ කාලයකින් ලැබුණු නිදහස උපරිමෙයෙන් භුක්ති විඳිමිණි.  පැයක් හමාරක් ගතවිණි. දැන් අපේ මිතුරන් පිරිසට මඳ පමණය. අවට සිදුවන කිසිවක් හෝ යන වග කිසිවකු ගැන හිලව්වක් නොවන හරසිට බහින සිහින් සිටි අපේ කතානායක කලාකාර මිත්‍රයා සෙමින් ගීයක් මුමුණන්ට විය. අනෙක් අයද කෙයින් එම ගීතයට සහයෝගය දැක්වුයෙන් ක්‍රමයෙන් එය සංගීත පාටියක් බවට පත්විය.


එහෙත් එක්වරයි තමන් දෙසට වේගයෙන් පැමිණ නතර වූ වාහනයක් හේතුවෙන් මෙම සංගීත පාටිය මොහොතකට නැවතිණි සැර විදුලි පහන් දල්වාගෙන පැමිණ තිබුණේ ද  නවීන පන්නයේ මෝටර් රථයකි. පිරිසට මඳක් ඔබ්බෙන් නතර කළ මෝටර් රථය ඊළඟ නිමේශයේදී අපේ කලා මිත්‍රයාගේ ඇගේ ගැව‍ෙන ගාණට වන නොගැවෙන  ගාණට ලංවිය. කිසිවක් හිතා ගැනීමට නොහැකි වූ අපේ මිත්‍රයා අන්දමන්ද විය. බමන මතින් සිටි ඔහුගේ සිතට එක්වර ආවේ කවුරුන් හෝ පැරණි කෝන්තරකාරයෙකු අතීත ගනුදෙනුවක් බේරා ගැනීමට මෙසේ පැමිණ ඇති බවයි.


වහා ක්‍රියාත්මක වූ මිත්‍රයා තම මොටර් රථයේ දොර හැර එහි ටයර් මාරු කීරිමට ඇති උපකරණය (වීල් බ්‍රෂ්) අතට ගෙන "අඩෝව් කවුද උඹ " යැයි බෙරිහන් දෙමින් ඉදිරියට පැන්නේය.  එවිට අනෙක් බෝටර් රථයන් පැමිණි තැනැත්තා සෙමින් එලියට බැස්ය." කලබල වෙන්න පා .  වාහන ටයර් ඒක දිහා බලන්නකෝ " යැයි කාරුණිකව පැවසීය. එම වාහනයේ ටයර් එක දෙස බාලු අපේ මිතුරන්ට වෙරි සිඳුණි. ටයරයට යට වී සිටියේ අඩි හතරකට වඩා දිගැති ඩෝල් ගහක් තරඔ දැවැන්ත පොලගෙකි.


''ඔය ඔයාගේ කකුල ළඟටඩ ඇවිත් හිටියේ. තව ටිකක් ඔයා හා හයිහා උගම් ඌ ඔයාට ගහනවා. හොද වෙලාවට වාහන ළයිට්  ඌ දැක්කා” අනෙකා කීය.


අපේ කළාකාර මිතුරාට යන එන මං නැති විය. තමා හදිසියේ කලබල වී පහරදීමට සැරසී ඇත්තේ තම ජීවිතය බේරාගත් උත්තම පුරුෂයකුට බව වැටහුණ අපේ මිත්‍රයා තම අතෙහි වූ යකඩ   උපකරණය සෙමින් ඉවත දැමුවේ හැමෝටම හොරනි.